English
සිංහල
04:29 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පාතාලය යොදා මැණික් ගරන අවිස්සාවේල්ලේ තරු තුනේ පොලිස් නිලදාරියා. ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ නමත් විකුණයි !

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රත්නපුර, කිරිඇල්ල, බලංගොඩ ඇඹිලිපිටිය ආදී ප්‍රදේශ වලින් මේ දිනවල අසන්නට ලැබෙන්නේ පරිසර විනාශයන් හා සම්බන්ද ක්‍රියාවලීන් සහ පතල් නිසා විනාශ වන දැවැන්ත පරිසර පද්ධතීන්ය.

    කවුරුත් දන්නා අවිස්සාවේල්ලේ සීතාවක පාලම ලඟ සිට මීටර් 100 ක් වත් යන්නට මත්තෙන් දැවැන්ත මැණික් නිදියක් මතුවීමෙන් මීට අවුරුදු ගණනකට පෙර මැණික් වල ආරක්ෂා කිරීමට විශේෂ කාර්‍ය බලකා කඳවුරක් පිහිටු වුයේ මෙයින් සිද්දවෙන දැවැන්ත මෙන්ම අවිස්සාවේල්ල නගරයට පවා සිදුවෙන පරිසර හානිය මෙන්ම ජීවිත හානීන් වලක්වා ගැනීමටයි.

    
    
    
    
    
    සීතාවක පාලම ආසන්නයේ ඇති හාරා ඇති වලවල්

    කෙසේ හෝ මීට අවුරුද්දකට පමණ පෙර මෙහි ස්ථාපනය කර තිබු විශේෂ කාර්‍ය බලකා කඳවුර ඉවත් කර ඇත්තේ ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ වුවමනාවට මෙම මැණික් නිදියට කෑදර කමින් ඉහලම දේශපාලන උදව් මත බවද පැවසේ.

    විශේෂ කාර්‍ය බලකා කඳවුර ඉවත් කිරීමත් සමගම මේ නාගරික මන්ත්‍රීවරයා, පාතාල ක්‍රියාකාරකම්  හා සම්බන්ධ කොටහැර ඉන්දික නැමැත්තෙකු යොදවා අවුරුදු ගණනාවක් වැලි ගොඩවීමෙන් යට වූ මැණික් නිදිය මතු කරගෙන ඇත්තේ තවත් කූට උපක්‍රමයක් මගින් කොටහැර ඉන්දිකව බන්ධනාගාරගත කිරීමේ උපක්‍රමයක්ද සමගින්ය. ඔහු බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව තවත් පාතාල කණ්ඩායමක් යොදවා මැණික් ඉල්ලම් ගොඩ ගැනීම තවත් සැලසුමක් විය. ඒ අතර මේ දැවැන්ත පරිසරය හානිය පිළිබඳව කන වැකුණු එවකට රත්නපුර සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පුද්ගලිකවම පැමිණ අවස්ථා කිහිපයක්ම මේ ස්ථානය වටලා තිබේ. නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට වුවා සේ ප්‍රියන්ත චන්ද්‍රසිරිටද වැඩි දවසක් යන්නට මත්තෙන් රත්නපුර දමා යන්නට සිදුවිය. ඒ මේ මැණික් නිදිය නිසා සිදුවන හානිය නවත්තන්නට නීතිය කරන්නට ගිය නිසාය.

    මේ අතර තවත් සැලසුමක් ක්‍රියාත්මක වුයේ කොටහැර ඉන්දික ලවා මාස ගනනාවක් ගොස් වැලි ඉවත් කිරීමෙන් පසුව, මේවා සොයා නොබලන නාගරික මන්ත්‍රීට හිතවත් පොලිස් පරීක්ෂකවරයෙකු අවිස්සාවේල්ලට ගෙන්වා ගැනීමටයි. එයද නිසි ලෙසම ක්‍රියාත්මක වූ අතර ඔහු පැමිණි වහාම අත් බෝම්බයක් තිබු බව සඳහන් කරමින් කොටහැර ඉන්දික රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දැන් ඔහුට යන එන මන් නැති අතර මාස ගණනාවක් පුරා වැලි ගොඩ දමා නිදිය පාදා ගත් කොටහැර ඉන්දිකගේ ගොලයන්ටද යන එන මන් නැති විය. තතු දත්තෝ සඳහන් කරන්නේ ඔහු ලඟ බෝම්බයක් නොතිබු බවයි.

    ඉන්දික බන්ධනාගාරගත කිරීමෙන් පසු අවසන් අදියරට පෙර අදියර ක්‍රියාත්මක වෙමින් අයිය මලොගේ පාතාල කල්ලිය නොහොත් දෙබෑගම ප්‍රියන්ත සහ සුසන්ත ඇතුළු කණ්ඩායම යොදවා රාත්‍රියට හොර රහසේම යහමින් සීතාවක පාලම අසල දිය යටින් ඉල්ලම් රැගෙන විත් කල යුතු සියල්ලම මේ වන විට යහතින් සිදු වන්නේ අප ඉහතින් සඳහන්  කල තරු තුනේ කාකි ඇදුමේ ආශීර්වාදයෙන් බව ප්‍රසිද්ධ රහසකි.

    මේ තරු තුනේ නිලදාරියා තවත් නොහොබිනා වැඩක් කරති. එනම් මේ පිලිබඳව සහ වෙනත් පැමිණිලි කල විට “ මම මෙහෙට එව්වේ අගමැතිතුමාගේ නෝනා” , යනුවෙන් ප්‍රකාශ කරන බවද ප්‍රසිද්ධ රහසකි.

    අනිත් කාරනාව නම් කොටහර ඉන්දිකගේ ගොලයන්ට මේ වනවිට මේ පොලිස් නිලදාරියා පණිවිඩ යවමින් සදහන් කර තිබෙන්නේ “ උබල දැන් සද්ධ නැතිව ඉදපල්ලා, ඉන්දිකට කල දේ උඹලටත් කරනවා ” ලෙසයි.

    මේ නාගරික මන්ත්‍රීවරයාගේ සහ තරු තුනේ පොලිස් නිලදාරියාගේ අනිත් සැලසුම නම් කොටහැර ඉන්දික එලියට පැමිණි විට මේ කල්ලි දෙක එකට කොටවා ඇතුලට දැමීම සහ එකිනෙකා මරවා ගැනීමට සැලැස්වීමයි. එවිට සියලුම මැණික් වල හවුල් කරුවන් වන්නේ  මේ නාගරික මන්ත්‍රීවරයා සහ තරු තුනේ පොලිස් පමණි. ඒ අතර හැකි තාක් මැණික් ඉල්ලම් ගොඩ ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

    අවිස්සාවේල්ලේ මාණ්ඩලික වාර්තාකරු විසිනි.

    රාවණා සටහන

    ඒ අපගේ චරපුරුෂ සේවයේ තොරතුරුය. මේ කතාව සහ මීටත් වඩා වටිනා කතාවක් සොයා ගැනීමට බුද්ධි අංශ වලට හැකිය. මේ සටහන කියවන විට අපට හැඟුණේ පොලිස් දෙපාර්තමේන්තුවේ නමට හානි කරන්නේද, සහ ඉහල නිලදාරීන්ට කොලේ වසන්නේද, පාතාලයන් බිහි කරන්නේද පොලිසියේ මෙවැනි නිලදාරීන් නේද කියාය. බෝම්බයක් නැතිව බෝම්බයක් දමා අධිකරනයටද බොරු කියමින්, අපරාධකරුවෙකුට වුවද එසේ කිරීම අප අනුමත කරන්නේ නැත. එය අප පමණක් නොව පාතාලයට වෛර කරන්නෝ වත් අනුමත නොකරනු ඇත.

    ප්‍රාදේශීය දේශපාලන ප්‍රභලයා සමග, පාතාලයද සමග එකතු වෙමින්, රටේ දෙවැනි පුරවැසියා නොහොත් මව් බිම බේරා ගත් වර්තමාන දුටුගැමුණුගේ බිරිඳගේ නමද භාවිතා කරමින්, තම අමනුස්ස ගති ඉටු කරගැනීම වෙනුවෙන් සමස්ත අවිස්සාවේල්ල ප්‍රදේශයේම පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් කරන මේ නිලදාරියා සහ මොහුගේ අනෙකුත් අත වැස්සන් නිසා තවත් අපරාධ ගනනාවක් අනාගතයේ සිදුවනු ඇත.

    මේ කූට උපක්‍රමය සැලසූම් කල නාගරික මන්ත්‍රීට තම උපක්‍රමයම භූම රංගයක් වනු ඇත. මේ පාතාල කල්ලි දෙකම අනාගතයේ ගැටුමකට මුල පුරනු ඇත. මේ පොලිස් නිලදාරියා නිසා අවිස්සාවේල්ලේ තවත් භීෂණයක් අනාගතයේදී සිදුවනු ඇති අතර, මේ සිද්ධිය නිසාම කල්ලි දෙකේම මිනිසුන් මිය යන අතර එයින් බැටකන ඔවුන්ගේ දරුවන් ද සමාජයට වෛර කරමින් අනාගතයේදී ඔවුන්ද සමාජ විරෝදී පුද්ගලයන් වෙමින් මානව යහපතට බාධා කරනු ඇත.

    පොලිස්පතිතුමනි, සබරගමුව පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි, රත්නපුර දිස්ත්‍රික්  නියෝජ්‍ය පොලිස්පතිතුමනි, සීතාවක ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමනි. මේ කතාවේ තව බොහෝ දේ තිබේ. එහෙත් ඔබ තුමන්ලා නොදන්නා මේ කතාව ගැන සොයා බලා, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් යා කරන සීතාවක පාලමේ තවත් කදුළු කතාවක් සිදුවන්නට ඉඩ නොතබා මේ විනාශය වැලක්වීමටත්, ඒ සදහා පොලිස් ආරක්ෂක බෝට්ටුවක් හෝ යොදවන ලෙසත්, මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත්, පාතාල සාමාජිකයන් වුවද ඔවුන්ද මිනිසුන් බව අමතක කරන කූට උපක්‍රම භාවිතා කරන මෙවැනි සිද්දීන් වලින් අනාගතයට සිදුවන හානිය දෙස අවධානය යොමු කර කටයුතු නොකළහොත් පාතාල සාමාජිකයන් අතින් පොලිස් නිලදාරීන්ද දිගින් දිගටම මිය යන කාලයක් පැමිණෙනු ඇත.

    Tags: පාරිසරිකවිශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    පාරිසරික

    කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    පොරවගල කන්දේ ගින්න නිවා දමයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version