පානදුර නගරයේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල් සති දෙකකට පමණ පෙර සිඳු කළ දැනුම් දීමකට අනුව පානදුර නගරයේ වෙළදසැල් 50ක් පමණ ඉවත් කරගෙන තිබූ අතර එසේ ඉවත් නොකළ පානදුර ආතර් වී දෙයෙස් මාවත , ජනප්‍රිය මාවත සහ මහ වීදියේ වෙළදසැල් සියල්ලම පානදුර නගර සභාව සහ පානදුර දකුණ පොලීසිය විසින් අද (20) දින ඉවත් කිරීමට කටයුතු කළ බව වාර්තා වේ.
මෙම වෙළඳසැල් ඉවත් කිරීමට යාමේදී නගර සභා සේවකයින් හට විරෝධතාවක් ද එල්ල වූ අතර පොලීසිය මැදිහත් වීම තුළින් එම වෙළඳසැල් ඉවත් කිරීම සිඳු කළ බවත් , මෙම අනවසර වෙළඳසැල් නිසා මාර්ග ගමනාගමනයට ද බාධා එල්ල වූ බවත් සඳහන්.














































