මේ වන විට යම් තාක් දුරට පිරවුම්හල් වලට ඉන්ධන ලැබෙමින් පවතී. නමුත් ඉන්ධන හල් විසින් බෙදා හැරීමේදී රජය විසින් හදුන්වා දී තිබෙන සීමාවන්ට අනුගත් නොවෙමින් ඉන්ධන හල් කටයුතු කරමින් තිබේ. විවිධ හිතවත්කම් වලට අනුව ඉන්ධන සීමාවක් නොමැතිව බෙදා හරින බව ශ්‍රී ලංකාවේ නන් දෙසින් වාර්තා වේ. එසේම ඉන්ධන පිරවුම්හල් වලට පමිණෙන ඉන්ධන පැය කිහිපයක් තුල අවසන් වන අතර වාහනයේ අවසන් අංකයට අනුව ඉන්ධන ලබා ගැනීමට නොහැකිව තිබේ.
මේ අතර දිවයින් පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) උපදෙස් ලබා දී තිබේ.
එහිදී වැඩි මිලට ඉන්ධන විකිනීමේ ජාවාරම් පිලිබදව වැටලීම් විධිමත් කිරීම, ඉන්ධන පිලිබදව හදුන්වා දී තිබෙන QR කේත ක්‍රමය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම, ඉදිරි ඉන්ධන ලබා ගැනීම පිලිබදව ආදී කරුණු ගනනාවක් දෙස අවධානය යොමු කර තිබේ.
එහිදී ඉන්ධන අවශ්‍ය සියලුම පාර්ශ්වයන් දෙස අවධානය යොමුකර තිබෙන අතර අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම විධිමත් සහ කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු සාකච්චා කර තිබේ.
25 සිට පාසල් ආරම්භවන බැවින් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද (23) ප.ව. 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ. ඒ අනුව ධීවර, සංචාරක සහ පොහොර බෙදා හැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන් ම, පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෙර පෙර පරිදිම ඉන්ධන බෙදා හැරීමට උපදෙස් ලබා දී තිබේ.














































