English
සිංහල
23:11 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පාසල් දරුවන්ගේ ජල කරාමයේත් විදුලිය කපලා. දෙමාපියන් උද්ඝෝෂණය කල නිසා දරුවන්ගෙන් පළි ගත්තාද?.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පාසල් ප්‍රජාවට අපිරිසිදු ජලය පානය කිරීමට සිදු වෙලා.
    සෞඛ්‍ය අමාත්‍යාංශය විදුලි බිල ගෙවලා නෑ.
    ජල පෙරනයත් අනතුරේ.
    විදුලිය නොකපන ලෙස ප්‍රාදේශීය ලේකම් ලිඛිතව ඉල්ල ලා.
    කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකටත් දරු දුක දැනී නෑ.

    ඇඹිලිපිටිය පදලංගල ජයන්ති විද්‍යාලයේ දරුවන් වකුගඩු රෝගයෙන් බේරාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සවි කර තිබෙන ප්‍රති ආශ‍්‍රැතිකරණ ජල පෙරණ පද්ධතියට සවි කර තිබෙන විදුලි සැපයුම විදුලිබල මණ්ඩලය විසින් විසන්ධි කර තිබේ.

    එයට හේතුව වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු විදුලි බිල ගෙවා නැති වීමයි. එහි වර්තමාන විදුලි බිල 123000 ක් පමණ වේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුදල් ලැබුණු පසු මුදල් ගෙවන තෙක් එම විදුලි සැපයුමේ විදුලිය විසන්ධි නොකරන ලෙස ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඇඹිලිපිටිය විදුලි ඉංජිනේරුගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබේ.

    එසේ ඉල්ලීමක් කර තිබුණත් විදුලිබල මණ්ඩලයේ ඇඹිලිපිටිය විදුලි ඉංජිනේරුවරයා විසින් මෙම ජල සැපයුම ක්‍රියාත්මක කිරීම අක්‍රීය වන ලෙස විදුලි බලය විසන්ධි කර තිබේ. ඔහු ප්‍රකාශ කරනුයේ එම බිල ගෙවීමට කිසිවෙක් කටයුතු නොකරනා බවයි.

    එවකට සෞඛ්‍ය ඇමති කෙහෙලිය 2023 ජුලි 27 ප්‍රකාශ කලේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල විදුලි බිල් ගෙවීමට එකඟතාවයක් ඇති කරගත් බවයි.

    එසේ වුයේ නම් මෙසේ වුයේ කෙසේද? යන්න වර්තමාන සෞඛ්‍ය ඇමතිගෙන් අප ප්‍රශ්න කරන්නෙමු .

    රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුගේ නිවසේ නොගෙවා ඇති විදුලි බිල ලක්ෂ 13 ක් බව මීට පෙර වාර්තා කළේය.

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නොගෙවා තිබු විදුලි බිල කෝටිය පැන්නේය. නාමල් රාජපක්ෂගේද එසේය. නමුත් ඔවුන්ගේ විසන්ධි නොවූ විදුලිය, වෙනුවට පාසල දරුවන්ගේ ජල කරාමයේ විදුලිය විසන්ධි විය.

    මෙවැනි සිද්ධීන් වන විට ඒවා සෙවීමට ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකටද වගකීමක් තිබේ. විදුලිය නොමැති වූ විට ජලය පෙරීම අක්‍රීය වේ. එසේ අක්‍රීය වූ විටද විනාශ වන්නේ මහජන මුදල් ය. විදුලි මණ්ඩලයේ සේවකයන්ද අනෙකුත් රාජ්‍ය සේවකයන්ට වඩා ඉහල වැටුපක් ලබා ගනී.

    අනෙක් ඒවා කෙසේ වෙතත් මේවා රාජ්‍ය ආයතන වේ. කලාප ආධ්‍යාපන අධ්‍යක්ෂක ගුරුවරුන්ගේ රැස්වීම්වලදී ප්‍රකාශ කරන්නේ මාධ්‍ය මගින් තමන්ගේ නම ප්‍රසිද්ධ වීම හොද බවයි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කුමන ආකාරයෙන් පම්පෝරි ගැසුවත්, මෙසේ පිරිසිදු ජලය ලැබීම අක්‍රීය කර තිබෙන්නේ ඔබේ කලාපයේ දරුවන්ගේ පාසලකය. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එය එහි සවිකර තිබෙන්නේ දරුවන්ට යම් සෞඛ්‍ය ගැටළුවක් තිබෙන බැවිනි.

    ඒ අනුව අපට පෙනෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ටත්, විදුලි ඉංජිනේරුවරුන්ටත්, ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකටද දරු දුක නොදැනෙන බවය. එසේ දැනෙන්නේ නම් මේවා මෙසේ විය නොහැක. එසේ නොදැනෙන මිනිසුන්ගෙන් මෙන්ම රාජ්‍ය බලධාරින්ගෙන්ද රටට අවශ්‍ය නිසි සේවය නොලැබේ.මෙරට මෙසේ විනාශ වුයේද එනිසාමය.

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරටද මේවා සොයා බැලීමට වඩා කිරීමට වෙනත් බොහෝ දේ තිබේ. මේවා රාජ්‍ය ආයතන නම් කල යුත්තේ කුඩා දෙයකි. කුමන අයුරින් වුවත් අඩු වන්නේ දේශීය රාජ්‍ය අදායම පමණි. දරුවන්ට ජලය ලබා දෙන්නේ මෙම ප්‍රදේශයේ ගැටළුවක් තිබෙන තිබෙන බැවිනි.

    මෙවැනි දෙයක්වත් කල යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්ද දැනීම ඉතා හොදය. නමුත් මේවායේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක නොකර, සවි කිරීමෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ මේවා මිලදී ගත් නිලධාරීන් කොපමණ මුදලක් අත අයට ගසා ගත්තේද යන්න අප නොදනී. නිසි ලෙස සියල්ල ඉටුකළේ නම් මෙසේ බිල් නොගෙවීම නිසා දරුවන් අපහසුතාවයට ලක් වන්නේ නැත.

    මෙසේ අහිමිකර තිබෙන්නේ දරුවන්ගේ පිපාසය සන්සිදවීමේ මාර්ගයක් බවත්, විදුලිය විසන්ධි කිරීමට ඔවුන්ටද නොදැනීමෙන් පෙනී යන්නේ, විදුලි ඉංජිනේරුවන් වලව මිටියාවතේ ප්‍රජාවගෙන් පලිගන්නා බවයි.

    මෙම ප්‍රදේශය තුල ජනතාව ජීවත් වන්නේ කෘෂිකාර්මික කටයුතු වලිනි. පසු ගිය දැඩි නියඟයෙන් ද ඔවුන් පිීඩා වින්දේය. ජලය ලබා දෙන ලෙස සමනල වැවේ උද්ඝෝෂණය කලේද මෙම ප්‍රදේශයේ වැඩිහිටියන්ය. සමනල වැවේදී ඔවුන් ප්‍රකාශ කලේ විදුලි ඉංජිනේරුවරුන්ගේ නිවෙස් වටකරනා බවයි.

    අමාත්‍යවරයාගේ නිවස වැටලීමට සාකච්චා පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජල පෙරණයක් සවි කිරීම පැසසිය යුතු අතර රජයේම තවත් ආයතනයක් වන විදුලිබල මණ්ඩලය විසින් මේ ආකාරයෙන් දරුවන් වෙත පිරිසිදු ජලය ලබා දිය යුතු එම විදුලිය විසන්ධි කිරීම පිළිබඳව රාවණා ලංකා අප, විදුලිබල මණ්ඩලයටත් විදුලිබල අමාත්‍යවරයා වෙතත්, ඉදිරි කටයුතු සිදුනොකළ සෞඛ්‍ය අමාත්‍යාංශයටත් දැඩි අප්‍රසාධය පළ කරන්නෙමු.
    විදුලිබල මණ්ඩලයෙහි සේවකයන් දැනගත යුතු ප්‍රධානතම කරුණ නම් ඔබ මෙරට මහජනතාවගෙන් වැටුප් ලබන්නෝය. ඔබ මෙරට මහජනතාවගෙන් විශාල වැටුපක් ලබයි.එවැනි විශාල වැටුපක් ලබා ගන්නා ඔබ ඔබට වැටුප් ගෙවන ජනතාවගේ දරුවන්ගේ සුබසිද්ධියට විරුද්ධව මේ ආකාරයෙන් කටයුතු කිරීම පිටුපස ඇත්තේ ඔබ මානුෂීය නොවන බව නැවත නැවතත් පෙන්වා දීමය. අරගලය සමයේ මහා වැව් වල ජලය නිරපරාදේ මුදා හරියේද ඔබය. නොසිදෙන වැව්වල ජලය නිරපරාදේ මුදා හරින ඔබලාම පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගන්නා බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් විදුලි ඉංජිනේරුවරුන්ට කොමිස් ලැබෙන බවද නොරහසකි.
    පුංචි උන්ගෙනුත් පලිගන්නා හෝ විදුලිය විසන්දි කිරීම නිසා පොඩි උන් පානය කරන්නේ අපිරිසුදු ජලය නේද යන්න සිතන්නටවත් සාමාන්‍ය දැනුමක් නැති, මෙසේ දිගින් දිගටම බිල නොගෙවීම නිසා ඒ පිළිබදව කරුණු වාර්තා කර ඒවාට විසදුම් දිය නොහැකි ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරීන්ගේ සාමාන්‍ය දැනීමක් නැති බැවින් අපට පෙනෙන්නේ ජනවාරි මාසය වීමටත් පෙර, වැව් වල ජලය අවසන් බවට නිවේදනය කරනු ඇති බවයි.

    එවන් රටක, පුංචි උන් ගැනවත් නොසිතනා රාජ්‍ය බලධාරීන් සිටිනා රටක මේවා මෙසේවත් ඉතිරිව තිබීම ගැන සතුටු විය යුත්තේ මෙරට චන්ද දායක මහජනතාවමය. මේවා සියල්ලම ඔවුන්ගේ නිර්මාණයන් ය.

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version