ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලද්දේ ,පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවකු ලෙස නම් කරන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බවටයි.
අදාල නියෝගය නිකුත් කරන ලද්දේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටියේය.














































