අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මේ වන තෙක් සාධාරණයක් ඉටු වී නොමැති නිසා සාධාරණත්වය වෙනුවෙන් ගතයුතු හොඳම පියවර ගන්නා ලෙසට සඳහන් කරමින් ලිපියක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත යොමුකර ඇත.
උන්වහන්සේ එහිදී සඳහන් කළේ මේ වන විට එම සිද්ධිය පිළිබඳව පවත්වනු ලබන විනිවිදභාවයකින් තොර විමර්ශන කටයුතු පිළිබඳ දැනුවත් වූ බවත් මේ සම්බන්ධයෙන් උන්වහන්සේ බොහෝ කනගාටුවට පත්වන බවත්ය.
එමෙන් ම මේ සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් කාදිනල් තුමන් සමග ද සාකච්ඡා කරන බවත් ඒ සම්බන්ධයෙන් ගතයුතු හොඳම පියවර පිළිබඳව මෙන් ම ඒ වෙනුවෙන් පාප්වහන්සේට එහි සිට කළ හැකි දේ පිළිබඳවත් දැනුවත් කරන ලෙසයි.
කාදිනල්තුමා එම ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ බුද්ධිමත් ලෙස කටයුතු කළ අයුරත් එම අවස්ථාවේ දී කිතුණුවන් අවේගශීලී නොවන ආකාරයට කටයුතු කළ අයුරුත් පිළිබඳව ඇගයීමට ද ලක්කර තිබුණි.