දියවඩන නිලමේවරයා සහ බස්නායක නිලමේවරුන් තෝරාපත් කරගන්නේ ඔවුන්ගේ චන්දවලිනි. එසේම යෝජනා සම්මතය සිදුවන්නේද සභාව තුලදී එම අවස්තාවේදීමය. චන්දය සදහා සුදුසුකම් ලබන කණ්ඩායම් කිහිපයකි. ස්වාමීන් වහන්සේලා, ප්‍රාදේශීය ලේඛ්ම්වරු සහ බස්නායක නිලමේවරුන්ය. නිලවරණය සඳහා ඔවුන් ගමන් කරන්නේ තමන්ගේ කණ්ඩායම සකසාගෙනය. දියවඩන නිලමේවරයා වීමට බලාපොරොත්තුවන බස්නායක නිලමේවරු තමන්ගේ කණ්ඩායම සකසා ගනී. ඒ ඉලක්කය සඳහා යන බස්නායක නිලමේවරු සිදුකරනුයේ තමන්ට පාලනය කරගත හැකි හොරුන් මංකොල්ලා කරුවන් දේවාල වලට පත් කරගැනීමට අවශ්‍ය ලෙස සැකසීමයි. එම හේතුව නිසාම සමස්ත දේවාල මෙනම් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේද ගිහි පාලකයන් සිදුකලේ දූෂිත ක්‍රමවේදයන් පමණි.
පසුගිය 16 වැනිදා මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ නිලවරණය පැවැත්විණි. එහිදී විවිධ චෝදනා වලට ලක්ව සිටින හීන්කෙන්ද බස්නායක නිලමේවරයා පරාජයට පත් විය. ඔහු දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑලගේ සමීප හිතවතෙකි. මේ වන විට ඔහුගේ කාලයේ සිදුව තිබෙන නාථ දේවාලයට අයත් ඉඩම් දූෂිත ලෙස විකිණීමක් පිලිබදව චෝදනා එල්ලව තිබේ. අද (13) මහනුවර ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ නිලවරණය පැවැත්විණි. දියවඩන නිලමේගේ තවත් සමීපතයෙකු වූ හිටපු බස්නායක නිලමේ වන වලිසුන්දර මහතා පරාජයට පත්විය. මෙතෙක් බස්නායක නිලමේ සිටි ඔහුට පරාජයෙන් පසු මෙම චන්ද ක්‍රමය දූෂිත බවත් , ඔහුට එරෙහිව ඉදිරිපත් වී තේරී පත් වූ බස්නායක නිලමේවරයා චන්දය ලබා ගැනීම සදහා ලක්ෂ 50 බැගින් දුන් බවද ප්‍රකාශ කරන ලදී. ඒ අනුව පෙනෙන්නේ ඔහුද නිලවරණ සදහා ඉදිරිපත්ව තිබෙන්නේ අල්ලස් ලබා දෙමින් බවයි.
ඔහු අවුරුදු ගණනාවක්ම බස්නායක නිලමේවරයා වී සිටි අතර ඔහුට විරුද්ධව චෝදනා රාශියක් තිබේ. දැන් අලුතින් පත්වන බස්නායක නිලමේවරුන් කල යුත්තේ මෙවැනි පැරණි පුද්ගලයන් සිදුකල වැරදි සොයා අවශ්‍ය පරීක්ෂණ කරව ඔවුන්ට දඩුවම් ලබා දීමයි. එසේම වලිසුන්දර මහතා අඩන කල යුත්තේ අල්ලස් ලබා දුන් බවට චෝදනා ඉදිරිපත්කරමින් පැමිණිලිකර අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් සහ අනෙකුත් බස්නායක නිලමේවරුන් නීතිය ඉදිරියට රැගෙන යාමය.