මහරගම ප්‍රදේශයේ ධාවනය වූ බස් රථයක් තුළ ගමන් ගත් මගී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෑලියගොඩ දරමඩුවත්ත ප්‍රදේශයේ පදිංචි ඥාතී සැකකාරියන් තිදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළ බව වාර්තා වේ.
එම මුදල් පසුම්බියේ රුපියල් 16,000ක් තිබී ඇති අතර සැකකාරියන් තිදෙනාව කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මුදල් පසුම්බිය අස්ථානගත වූ කාන්තාව කුරුඳුවත්ත පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.














































