පිළිකා රෝගයට ප්‍රතිකාර කරන ලෙස උදව් උපකාර ඉල්ලා යොමු කළ පුවත්පත් දැන්වීමකට අනුව දුරකථන ඇමතුම් ලබා දී පුද්ගලයෙකු විසින් පිළිකා රෝගීන් දෙදෙනෙකුගේ බැංකු ගිණුම්වලට අයුතු ලෙස ඇතුල් වී රුපියල් ලක්ෂ තුනක මුදලකට වංචා කර ඇති බව වාර්තා වේ.
සැකකරු එරාවූර් ප්‍රදේශයේ පදිංචි අබ්දුල් එලීම් වසීමුල්ලා නැමැත්තෙක් බව කියයි.
වාර්තා වන ආකාරයට මරණයත් සමග සටන් වදින පිළිකා රෝගීන් දෙදෙනෙකුගේ බැංකු ගිණුම්වල තිබූ මුදල් වංචා කිරීම හේතුවෙන් හොරණ මහේස්ත්‍රාත්වරයා වන චන්දන කලංසූරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ බරපතළ වැඩ සහිත සිරදඩුවම් ලබා දෙන ලෙසටයි.
එමෙන්ම සිද්ධියෙන් අසරණ වූ පිළිකා රෝගීන් දෙදෙනාට රුපියල් ලක්ෂයක වන්දියක් සහ රුපියල් 1500 ක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කර ඇති අතර එසේ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස 6 ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් ද නියම කර ඇති බව කියයි.
මෙම නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකය මගින් පවරා තිබූ බව සදහන් කරයි.