පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය කරන ඇතැම් ඖෂධ මෙරටින් සොයා ගැනීමට පවා ලනොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බවයි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඖෂධ සඳහා මුදල් ලැබී තිබුණ ද ඒවා ප්‍රසම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට හැකියාවක් නොමැති බවත් වහාම මේ සඳහා අවශ්‍ය පියවර ගතයුතු බවත් ය.
කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.














































