ඊයේ (27) පැවති විශේෂ දේශනයකදී රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය මුහුණ දෙන භයානකම දශකය බොහෝ විට මෙය විය හැකි බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට එම දේශනයේදී රුසියානු ජනධිපතිවරයා යුක්රේනයේ සිදු කරන මෙහෙයුම සාධාරණීකරණය කරමින් අදහස් දක්වා ඇත.
එසේම ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ න්‍යෂ්ටික අවි භාවිතය පිලිබදව තම රට විසින් ප්‍රබල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර බටහිර නායකයින් සිදුකළ ප්‍රකාශ වලට ඉගි පල කිරීමක් පමණක් සිදුකර ඇති බවයි.
මිත්‍ර පාක්ෂික රටවල් විසින් බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරිය න්‍යෂ්ටික ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ නොකිරීම සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බවද රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.















































