පුත්තලම රෝහලේ ෙඵතිහාසික දිනක් සනිටුහන් කරමින් එම රෝහලේ සිදු වූ ප්‍රථම සිව්නිවුන් දරු උපත වාර්තා වී ඇත.
24 හැවිරිදි තරුණ මවක් මෙම සිව් නිවුන් දරුවන් බිහිකළ බවයි පුත්තලම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
මෙම සිව් නිවුන් දරුවන් අතර එක් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් තිදෙනෙක් වේ.
මෙම දරුවන් සිව්දෙනා මේ වන විට පුත්තලම මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශූරින් ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.