ඊයේ රාත්‍රියේ බදුල්ල – කැන්දගොල්ල ප්‍රදේශයේ බීමතින් පැමිණි සැමියා තම බිරිදට උදැල්ලකින් පහර දීමට තැත් කළ අවස්ථාවේ දී ඒ අසළ සිටි පුතු විසින් තම පියාට බෝතල් කටුවකින් පහර දී ඇති අතර ඉන් තුවාල ලැබූ පියා බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මහනුවර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත. අනතුරුව පියා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
ජීවිතක්ෂයට පත් වූ පියා 56 හැවිරිදි අයෙකි.