ලොව පුර රටවල් රැසක් යොදාගනිමින් වසර 25ක් පුරාවට සිදුකරන ලද ඇමෙරිකානු අධ්‍යනයකින් සොයාගෙන ඇත්තේ පුද්ගලයෙකුට අවම වශයෙන් පැය 05ක නින්දක් අවශ්‍ය බවයි.
එසේ පුද්ගලයෙක් දිනකට නිදාගනු ලබන්නේ පැය 05කට වඩා අඩු කාලයක් නම් එම පුද්ගලයාට රෝග රැසක් වැළදීමේ අවදානමක් මෙන්ම අඩු වයසින් මරණයට පත්වීමේ අවදානමක් ද පවතින බව එම පර්යේෂණ තුලින් සොයාගෙන ඇත.















































