අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට විවිධ රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය බලපත්‍ර සහ අනුමැතියන් ලබා ගැනීමේ හා දීර්ඝ කර ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් එම රාජ්‍ය ආයතනවල ප්‍රධානින් අතර විශේෂ හමුවක් සිදු වී ඇති බවට වාර්තා වේ.
එහිදී විදුලිබල මණ්ඩලය හා සූනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් 2023-2026 සැලසුමට ඇතුලත් කර ඇති ව්‍යාපෘති 330ක් ඉදිරියේදි ක්‍රියාවට නැංවීමට බලපොරොත්තු වන බවත් මෙහිදී දැනුවත් කර ඇති බවට වාර්තා වේ.
මේ අවස්ථාවට විදුලිබල අමාත්‍යංශය,විදුලිබල මණ්ඩලය,සූනිත්‍ය බලශක්ති අධිකාරිය ,පරිසර අධිකාරිය ……..ආදී ආයතන නියෝජනය කරන නිළධාරින් සහභාගි වී ඇති බව සදහන් කරයි .