උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලට පැමිණි බව කියන 21 හැවිරිදි තරුණියක් හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.
ඇයගේ මව චෝදනා කර ඇත්තේ තරුණියට ලබාදුන් එන්නතක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.
මෙලෙස මියගොස් ඇත්තේ කඩුගන්නාව – පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි චමුදි සන්දීපනි මධුෂිකා ජයරත්න නැමැති තරුණියකි.
උදරාබාධයක් හේතුවෙන් ඇය ඊයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව හත්වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බව සදහන්.














































