මහනුවර ප්‍රදේශයට අද (09) සවස් කාලයේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ සහ අතු ගංඟාවල ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කර ඇතැයි පොල්ගොල්ල ජලාශය භාර කාර්‍යභාර්‍ය ඉන්ජිනේරු කාර්‍යාලය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මෙලෙස විවෘත කර තිබෙන වාන් දොරටු 3 න් තත්ත්පරයකට ඝන අඩි 8640 ක් වික්ටෝරියා ජලාශය වෙත නිකුත් කරන බව සඳහන් .
එම ඉන්ජිනේරු කාර්‍යාලය වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි වැසි තත්ත්වය මත මුදා හරිනු ලබන ජල ධාරිතාවය වෙනස් විය හැකි බැවින් මහවැලි ගඟ භාවිතා කරන පිරිස් අවධානයෙන් සිටින ලෙසයි.














































