English
සිංහල
05:21 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස්පතිගේ යාලුවා වෙනුවෙන් ලංකාවේ නීතිය දඬු කඳේ ගහයි. ලග්ගල පොලිසිය අධිකරණයත් නොමග යවලා.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    අපගේ පුවත් වාර්තා කිරීමේදී ප්‍රධානතම ඉලක්කය වන්නේ සමාජයේ පීඩිතයන්  විමර්ශනාත්මක පුවත් වාර්තා කිරීමයි. සියලුම වාර්තා කිරීම් වලදී නාමයන් වුවද වාර්තා කරන්නේ නඩුවකට යාමට අවශ්‍ය වුවහොත් ඒ සදහාද සියලුම දේ සූදානම් කරගෙනය. එසේ නමුත් සියලුම සාක්ෂි ලැබුනත් මානුෂීය හේතුන් මතද නම්, ගම් සදහන් නොකරන අවස්ථාද තිබේ. මේ කතාව තුලින් සෘජුවම පොලිස්පතිවයාට ඇගිල්ල දිගුවන අතර සිද්ධියට සම්බන්ධ ලග්ගල පොලිස් ස්ථානාධිපතිවරයා වර්තමාන පොලිස්පති වික්‍රමරත්න මහතාගේ හිටපු පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු බවද, ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා ඔහුගේ සමීප ඥාතියෙකු බවද කියවේ. කෙසේ නමුත් පොලිස්පතිවරයා නිවැරදි සෑම අවස්ථාවකම අප ඔහු වෙනුවෙන්ද වචන හරඹ කර තිබේ. මේ සිද්ධියට පොලිස්පතිවරයා සම්බන්ධ නොමැති නම් පුවතට පහලින් රතු අකුරින් සටහන් කර තිබෙන ආකාරයට කටයුතු කිරීම පොලිස්පතිගේ වගකීම මෙන්ම යුතුකමද වේ.  පොලිස්පති මේ සදහා සම්බන්ධ නැතිනම් ඒ සදහාද පුළුල් ප්‍රචාරයක් ලබා දීමද අප විසින්ම සිදුකරනු ඇත.

    පොලිස්පතිගේ යාළුවාට නිතිය නමන හැටි.

    **ලග්ගල පොලිසිය මැනික් වයාපාරිකයකු හා බාර් හිමියකු වන ලග්ගල කරුණේ මුදලාලිගේ  උවමනාවට නිතිය නවන හැටි…..

    **නඩු පවරන්න අමුතුම කලාවක්…..

    **එක වරදකට දඩ දෙකකට නියම වේ…..

    ***තමාට පොලිසියේ ලොක්කන් අවනත නිසා ඕ.අයි.සී හා එස්.එස්.පී ඕනැම දෙයක් කරන බව කරුණේ මුදලාලිත් ගමේම රගයි…. පොලිස්පතිත් මගේ හොදම යාලුවෙක් කියයි***

    **-කරුණේ මුදලාලිගේ සන්තෝෂම් වලට යටවු ඕ.අයි.සී රණවීර අනෙක් වයාපාරිකයන්ට එලව එලවා බොරු නඩු පටලවයි….**

    **-එස්.එස්.පීත් OIC ගේ පදයට නටන නිසා පැමිණිලි කිරිමට තැනක් නැතිව වයාපාරිකයන් අසරණ වේ….***

    පලමු සිද්ධිය

    ලග්ගල දේවාලදෙනියේ හත්තොටඅමුණ ප්‍රදේශයේ මැණික්  හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් මත මැණික් ගැරීමේ නිරත ඉඩමක මෙම බදාදා (14) ලග්ගල පොලිසිය අමුතුම වැටලීමක් කර ඇත .

          එම බලපත්‍රලාභියා යෙදවු බැකෝ යන්ත්‍රයකින් කැනීම් කරද්දී කුඹුරු ඉඩම් වලට වතුර ගලා බසිනා ඇල ඉවුරේ පස් වැටි කැඩී ගොස් ඇතැයි චෝදනා කරමින් මෙම ඉඩමේ සිටි සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. එහිදී  ජී.ජි පියදාස ,ධම්මික පෙරේරා ,දේශප්‍රිය නිශ්ශංක ,සුමිත් ගුණසේකර යන පුද්ගලයන්  අත් අඩංගුවට ගෙන පොදු දේපල හානිකිරිමේ පනත යටතේ පසුගිය බ්‍රහස්පතින්දා (15) නාවුල අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු යොදා තිබිණි. මෙහි විශේෂත්වය නම්මෙම ඉඩමේ මැණික් ගැරීමට බලපත්‍රය ලබාගත් වයාපාරිකයා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කල බවට කියමින් මැණික් හා ස්වර්ණාභරණ අධ්කාරියේ නිලධාරින් මෙම වැටලීමට පෙර දිනයේ (සැප්තැම්බර් 13) දඩයක් නියම කර තිබියදි  ලග්ගල පොලිසිය පසුදින එම චෝදනාවට ම යලිත් නඩු පැවරීමට කටයුතු යොදා තිබීමයි. කෙසේ නමුත් පොදු දේපල පනතින් අවශ්‍ය නඩු පැවරීමට හැකියාව ඔවුන්ට තිබෙන අතර එම පුද්ගලික ඉඩම් නම්, මැණික් හා ස්වර්ණාභරණ අධ්කාරියේ බලපත්‍රයක් හිම් අයෙකු නම් එහි කොන්දේසි උල්ලංඝනය කල බවට සාධක තිබේද නැද්ද යන්න දන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විනා ශ්‍රී ලංකා පොලිසිය නොවේ.මේ නිසා එකම වරදකට රාජ්‍ය ආයතන දෙකකට දඩ ගෙවිමට සිදුව ඇත්තේ මේ දූෂිත පොලිස් නිලධාරින් නිසාය.

    නමුත් පළාතේ තිබෙන පතල් විශාල ප්‍රමාණයක හිමිකරු වන්නේ මෙම කැරුණේ නැමති පුද්ගලයාගේ බවට ද තොරතුරුද ලැබී තිබේ.අත් අඩංගුවට ගෙන ඇති සිව්දෙනා නිකරුණේ රිමාන්ඩ් කරවිමේ පොලිස් සැලසුම පසුපස ඇත්තේ පලාතේ සියලු පතල් කරුණේ මුදලාලිට ලබා ගැනීම සඳහා ගම්මුන් වක්‍රාකාරයෙන් බියවැද්දවිමක් බව මේ ප්‍රදේශයේ අනෙකුත ව්‍යාපාරිකයන් සියලුම දෙනා ප්‍රකාශ කරයි.

    දෙවෙනි සිද්ධිය.

    ඉහත පළමු  සිද්ධියට දින කිහිපයකට පෙර (10 සෙනසුරාදා) ලග්ගල පොලිසිය මෙවැනිම තවත් දෙයක් හත්තොටඅමුණ ප්‍රදේශයේ මැනික් බලපත්‍රයක් මත මැණික් ගැරීමේ නිරත වූ වයාපාරිකයකුටද සිදුකර තිබේ.

    සුකිරි මුදලාලි නමින් ප්‍රසිද්ධ වයාපාරිකයකු විසින් යු.ජි මුදියන්සේ නමැති අයගේ ඉඩමේ මැණික් ගැරීමේ නිරත මොහොතේ පොලිසිය වැටලීමක් කරන්නේ ප්‍රධාන මාර්ගයට හානිසිදුකර ඇති බව චෝදනා කරමිනි. පොදුදේපල පනත යටතේ එම ස්ථානය කැනිම් කල බැකෝ රියදුරකු  අල්ලා අධිකරණය වෙත යොමු කර රිමාන්ඩ් කරවිමේ පොලිස් සැලසුම එහිදිත් ක්‍රියාත්මක වී තිබේ. කෙසේ නමුත් නාවුල මහේස්ත්‍රාත් ගේ නියෝග මත මාර්ග සංවර්ධන අධිකාරියේ නාවුල කාර්‍යාලය වෙතින් කැදවු වාර්තාව බදාදා (සැප්තැම්බර් 14) මහේස්ත්‍රාත් වරයා වෙත ලබා දී තිබේ. එහිදි මාර්ගයට කිසිදු හානියක් කර නොමැති බව හෙලිවන අතර පොලිසියේ උවමනාවට නිකරුණේ සිරගත කල බැකෝ රියදුරු හට ඇප නියම විය. යමෙකුට නඩුවක් පැවරීමට පෙර අවශ්‍ය සියලුම සාක්ෂි සපයාගෙන නඩු පැවරීමට කටයුතු කල යුතු බව පැහැදිලිවම අපරාධ නඩු විධාන සංග්‍රහයේ සදහන්ව තිබේ. එසේ නොමැතිනම් ඔවුන් නිදහස් කල යුතුය.

    තෙවන සිද්ධිය

    පසුගිය ජුලි 26 දා ලග්ගල පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ අයුරින්ම තවත් මැණික් වයාපාරිකයන් තිදෙනකු වන මලින්ත රත්නායක ,මධුසංඛ උදයකුමාර,සුනිල් සිරිවර්ධන යන අයවලුන් රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. ඒ ඉන්ධන කෝටා ක්‍රමය හදුන්වා දීමට පෙර කරුණේ මුදලාලිට පොලිස් සහායෙන් ඩිසල් බැරල් පොලිස් ජිප් රථයෙන් ප්‍රවාහනය කිරිමේ සිද්ධියට මෙම තරුන වයාපාරිකයන් තිදෙනා විරෝධය පෑ නිසාය. රාජකාරියට බාධාකල බව කියමින් අසාධාරණයක් වෙනුවෙන් හඬ නැගු එම වයාපාරිකයන් රිමාන්ඩ් භාරයට පත් කරමිනි.  

    සුකිරි මුදලාලිගේ බැකෝ රියදුරුහට නඩුදමා බියවැද්දවිමක් කරන්නේත් එම වයාපාරිකයන් තිදෙනා විරෝධය පැ දිනයේ ඔහු එතන සිටි තවත් වයාපාරිකයකු බව පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරන නිසා බවද ඔවුන් සදහන් කරන අතර “ලග්ගල පොලිස් ස්ථානාධිපතිගේ” වැරදි වැඩ වලට එරෙහිව නීතියක් නොමැති බැවින් ඔහුගේ හැසිරීම සිදුවන්නේ “පාතාල සාමාජිකයෙකු නොහොත් ගෝත්‍රික පොලිස් නිලධාරියෙකු” සේ බවට අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව පෙනී යයි.

    ශ්‍රී ලංකාවේ පොලිසිය නීතිය නමන්නේ තමන්ගේ හිතවතුන් වෙනුවෙනි. කැරුණේ මුදලාලි පොලිස්පතිගේ සමීප හිතවතෙකු බව ඔහු ප්‍රකාශ කරන හඬ පටිගත කිරීම් අප වෙත ලැබී තිබේ. එසේම කරුණේ මුදලාලිගේ නීතිවිරෝදී පතල් කර්මාන්තයට අදාළ වීඩියෝ දර්ශනද අප මේ වන විටත් ලබාගෙන අවසන්ය. ලග්ගල පොලිස් ස්ථානාධිපතිට සහ ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාටද ඔවුන්ගේ ළමයින්ගේ, බිරින්දෑවරුන්ගේ සනීපාරක්ෂක තුවායේ සිට අනෙකුත් සියලුම දේවල් සදහා වැටුප් ගෙවන්නේ මෙරට පීඩිත පන්තියේ දුක් විඳින මිනිසුන්ය. මැණික් කර්මාන්තයෙන් ද සිදු වන්නේ මෙරටට නැවත ගොඩ ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත ඉහල නැංවීමයි. පොලිස්පති ඇතුළු අනෙකුත් නිලධාරීන්ට දූෂිත ව්‍යාපාරිකයන් වැටුප් ගෙවන්නේ නම් කල යුත්තේ මහජනතාවගේ “පොලිසිය විනාශ නොකර” තවත් පව් පුරවා නොගෙන පොලිස් සේවයට සමු දීමයි. නමුත් පොලිස්පතිගේ නාමය විකුණා මේ පොලිස් ස්ථානාධිපති සහ කරුණේ මුදලාලි විසින්ම මේ දූෂණය කරගෙන යන්නේ නම් වහාම ක්‍රියාත්මක වී තමන්ගේ ගරුත්වය ආරක්ෂාකර ගැනීම පොලිස්පතිවරයාගේ වගකීමක් මෙන්ම මහජනතාවගේ පොලිස්පති තනතුරේ ගරුත්වය ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීමද පොලිස්පති වික්‍රමරත්න මහතාගේ වගකීම වේ.

    සිදුවන්නේ කුමක්ද යන්න දෙස “ ශ්‍රී රාවණා” අපගේ ලග්ගල ප්‍රදේශයේ කණ්ඩායම බලා සිටි. කුමක් වුවත් මේ පිලිබඳව වගකිව යුතු නිසි බලධාරියාද පොලිස්පතිවරයාම වේ.         

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version