මෑත යුගයේදී කරළියට පැමිණි ඔන්ලයින් බිස්නස් අද වන විට මාෆියාවක් බවට පත්ව තිබේ.මේ අතරින් ඉතා ජනප්‍රියත්වයට මෙන්ම දැඩි බලපෑමකට පත් පිරමීඩ ආකෘතියක් වූ Onmax Dt පිළිබඳව පිරමීඩ විරෝධී බලකායේ තරිදු රත්නායක මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවේදී කරුණු රැසක් අනාවරණය කරන ලදි.
තරිදු රත්නායක මහතා ප්‍රකාශ කර සිටින්නේ ක්‍රිප්ටො කරන්සි නීති විරෝධී ව්‍යාපාරයක් නොවුණමුත් මෙයට මුවාවී Onmax Dt ,Sport Change ලංකාවේ තියෙන ඩොලර් පිටරටට යැවීමෙන් සිදු කරනු ලබන පාඩුව කොතරම්ද කියා ගණනය කළ නොහැකි බවයි.
එමෙන්ම මෙය හරහා ධනවත් ,අවබෝධයක් ඇති ඉහළ වෘත්තිකයින්ද සම්භන්ධ වී Projuct එක සහ Plan එක කුමක්දැයි පමණක් හදුනාගන්නා අතර ඔවුන් වටා ජාලයක් ගොඩනැංවී ප්‍රතිලාභ හිමි වුවත් මේ හරහා විශාල මිනිසුන් ප්‍රමාණයක් අනාථ කරමින් ලාභය උපයාගැනීම සිදු වන බවත් පවසා සිටී.
එසේම ඇමරිකාවේ Bainance.Com මූල්‍ය සමාගමේ ගිණුම් 8ක අත්‍යන්ත මුදල් වශයෙන් රුපියල් කෝටි 43ක මුදලක් තැන්පත් කර ඇති බවත් මෙම මුදල් Onmax Dt සමාගම ජාවාරම් කරමින් ලබා ගත් මුදල් බවත් මෙම මුදල් බැර වූ ගිණුම් නම් වශයෙන්,
Onmax Dt පුද්ගලික සමාගම – ශ්‍රී ලංකාව ,
Onmax pt yltd සමාගම -ඕස්ට්‍රේලියාව ,
ධනංජය ගයාන්,
සම්පත් සදරුවන් ,
ලේනවදුගේ,
සාරංග රන්දික ජයතිස්ස,
වික්‍රමපේලි ගෙදර චන්ද්‍රකාන්ති,
කහදවල ආරච්චිලාගේ අතුල ඉන්දික සම්පත්,
යන ගිණුම් හදුන්වා දිය හැකි බවත් පවසා සිටී.
එමෙන්ම මෙහිදී ඕස්ට්‍රේලියාවේ කම්පැනියක් ඇති ,නුවර පදිංචිව සිටින මෙම සමාගමේ හිමිකරු වන ශ්‍රෑම් බස්නායක මහතා පිළිබඳව කිසිදු සටහනක් කිසිම තැනක නොමැති බවත් ප්‍රකාශ කර තිබේ.
තවද,ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය හරහාද මෙම ක්‍රිප්ටො කරන්සි තහනම් කළ බවට එළිදැක්වූ නමුත් තවමත් මෙම පුවත නොදැකපු මිනිසුන් දැනටත් මෙම ජාවාරමට ගොදුරු වෙමින් සිටින බවත් මෙය නීතියෙන් තහනම් කර තිබියදීත් තවමත් මෙය ක්‍රියාත්මක බවත් පවසා සිටී.
Onmax Dt එක පිළිබඳව මෙවැනි ප්‍රචාරණයක් ඇති වී මෙය නීති විරෝධී පිරමීඩාකාර ජාවාරමක් යැයි වැසීයන විට තවත් නමකින් මෙය ආරම්භ වීමට හැකියාවක් ඇති බවත් ,එනම්
ෆාස්ට් සයිකල් – ජෙනසිස්
වෙල්වේජ් එස් ෆුට්බෝල් – එස් එස් ෆුට්බෝල්
ආදී වශයෙන් තවත් නමක් ආරෝපණය වී මූලාරම්භය වූ සමාගම් කිහිපයක් බවත් පවසා සිටී.
තවද යූ ටියුබ් චැනල් ගණනාවක් අතුරින් S.F.ක්‍රිප්ටො යූ ටියුබ් චැනලය හරහා මෙම ආයතනය ප්‍රවර්ධනය කිරීම අපරාධමය වරදක් බවත් මේ පිළිබඳව පොලිස්පතිතුමාට දන්වා ඇති මුත් ඔහු තොදොල් වෙවී ඉන්නකොට තව මිනිසුන් බොහොමයකගේ මුදල් රටින් පිට යා හැකි බවත් ප්‍රකාශ කර සිටී.
තවද මෙලෙස තහනම් ආයෝජන සිදු කිරීම ලංකාවේ නීතියට පටහැනි බවත් මෙම ආයතන සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක් පමණක් නිකුත් කර ඔවුන්ගේ වැඩ කොටස අහවරයි යනුවෙන් පසෙකට වී සිටීම නොව මෙහි තාක්ෂණික බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ මහ බැංකුවේ නිරාකරණ බලගැන්වීම් අංශයට සහ මූල්‍ය බුද්ධි අංශයට බවත් එබැවින් මේ සම්බන්ධයෙන් ඉදිරියට නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂක අංශ සදහා මෙය අලුත් සබ්ජෙක්ට් එකක් බැවින් ඔවුන්ට සහය ලබා දිය යුතු බවත් කෙසේ හෝ එක් පිරමීඩ එකක් අල්ලා ගෙන හරියට දඩුවම් කරොත් කිසි අයෙකු මෙවැනි ජාවාරමක් නැවත සිදු නොකරන බවත් ප්‍රකාශ කර තිබේ.
තවද, යම් පිරමීඩ ජාවාරමක් පිළිබඳව දැනගන්නේ නම් SLAPF Fb Page එක හරහා කෙටි පණිවිඩයක් යොමු කළහොත් ඒ පිළිබඳව සොයා බැලීමට හැකියාවක් ඇති බවට තරිදු රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.















































