පසුගිය මාර්තු නව වැනිදා (2022.07.09) අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය වටලා එයට ඇතුල් වී එහිදී සොයා ගන්නා ලද රුපියල් 17,850,000 ක මුදල අරගලකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානයට භාර දී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගකර තිබුණි. නඩු අංක බී 22516/22 දරණ නඩුවට අදාළව ගරු මහේස්ත්‍රාත්වරයා විසින් එයට නියෝගයක් ද නිකුත් කරන ලදී. එම විමර්ශනය, පොලිස් විශේෂ විමර්ශනය ඒකකය විසින් සිදු කර තිබු අතර එහිදී බටහිර ප්‍රදේශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
අධිකරණය සහ පොලිස්පති වික්‍රමරත්න විසින් ලබා දුන් නියෝගයන්ට අනුව විශේෂ ව්මර්ශන ඒකකය විසින් සිදු කරන ලද මුලික විමර්ශනයේ අවසන් වාර්තාව 2023.02.09 දින අධ්‍යක්ෂ / විශේෂ විමර්ශන ඒකකය විසින් පොලිස්පති වෙත යොමු කෙරුණු අතර එම අවසන් වාර්තාවට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ඊ.එන්.දිල් රුක් මහතාට ද , ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්.ඩබ්.ලියනගේ මහතාට ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.එච්.ඩී.පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව මෙසේ චෝදනා පත්‍ර සකසා තිබේ.
ඊට අමතරව කොටුව පොලිස් ස්ථානයට භාර දී තිබූ අදාළ මුදල සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සදහා නිසි අධීකෂණයක් සිදු නොකිරීමට එරෙහිව සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ඊ.එන්.දිල් රුක් මහතාට ද , කොටුව පොලිස් ස්ථානයට භාර දුන් අදාළ මුදල සම්බන්ධයෙන් ගරු අධිකරණයට කරුණු වාර්තා නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඊට එරෙහිව ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්.ඩබ්.ලියනගේ මහතාට ද , කොටුව පොලිස් ස්ථානයට භාර දුන් මුදල සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඊට එරෙහිව ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.එච්.ඩී.පෙරේරා මහතාට ද චෝදනා පත්‍ර කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙම නිලධරීන්ට එරෙහිව අපරාධ නඩුද පැවරීමට සිදුවනු ඇත. නමුත් එසේ කරන්නේද යන්න හෝ ඒ පිලිබදව වැඩිදුර වාර්තා කිසිවක් වාර්තා නොවේ.