English
සිංහල
01:14 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    NN. Niluka by NN. Niluka
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජ්‍යෙෂ්ඨත්වය අනුව ශ්‍රී ලංකා පොලිසියේ තුන්වැනියා ලෙස සිටි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා ලෙස පත්කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කිරීමත් සමග තමා දැඩි කළකිරීමටත්, කණගාටුවටත්, බියටත් පත්ව සිටින බව ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ප්‍රකාශ කරයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අමතමින් ලිපියක් යොමුකරන තරිඳු ජයවර්ධන ජයවර්ධන පෙන්වාදෙන්නේ, තමා පෞද්ගලිකව දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනයට ලක්ව ඇති බවත්, එම තර්ජනයට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂය මෙන්ම විවිධ දේශපාලනඥයන් ගණනාවක්ම පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී විරෝධය පළකර ඇති බවත් ය.

    ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතුරෙන් වැඩිම චෝදනා ලත් පොලිස් නිලධාරියා මෙන්ම මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නිලධාරියකු වීම විශේෂත්වයක් බවද තරිඳු ජයවර්ධන සඳහන් කරයි.

    ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමුකළ ලිපිය පහතින් දැක්වේ.

    2024 පෙබරවාරි 27 වැනිදා
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව.

    සභාපතිතුමනි, සාමාජික මහත්ම මහත්මියනි,

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙනි

    ජ්‍යෙෂ්ඨත්වය අනුව ශ්‍රී ලංකා පොලිසියේ තුන්වැනියා ලෙස සිටි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා ලෙස පත් කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කිරීමත් සමග මම දැඩි කළකිරීමටත් කණගාටුවටත් බියටත් පත්වීමි.

    ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතුරෙන් වැඩිම චෝදනා ලත් පොලිස් නිලධාරියා මෙන්ම මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නිලධාරියකු වීම විශේෂත්වයකි.

    මා 2011 වසරේ සිට ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අතර 2021 වසරේ දී දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනයට ලක්වීම ගැන ශ්‍රී ලංකා පොලිසියට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර ඊට අදාල පැමිණිලිවලින් පොලිස් පැමිණිල්ල ගැන සාධාරණ විමර්ශනයක් සිදු නොවූ අතර මානව හිමිකම් කොමිෂන් සභා පැමිණිල්ල තවමත් විභාග වෙමින් තිබේ. එවැනි තත්ත්වයක දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම විමර්ශනවලට දැඩි බාධාවක් මෙන්ම මාගේ ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

    මා ජනමාධ්‍යවේදියකු ලෙස දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මාධ්‍ය හමු දෙකකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් 2021 වසරේ දී අසනු ලැබූ ප්‍රශ්න දෙකකට උරණ වූ එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් මට තර්ජනය කළේය. ආයුද සන්නද්ධ හමුදා සාමාජිකයන් අතින් ඝාතනයට ලක්වීවැයි සැලකෙන එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට අත්වූ ඉරණම මාහටද අත්වනු ඇති බවට දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේය. එසේම අනිකුත් අපරාධකරුවන්ට අත්වූ ඉරණම මටද අත්වනු ඇතියි දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළ අතර ඔහු එම ප්‍රකාශය කරන ලද්දේ අපරාධකරුවන්යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා පිරිස් පොලිසිය විසින් මරා දමමින් සිටි පසුබිමකදීය.

    දේශබන්දු තෙන්නකෝන්ගේ මෙම හැසිරීමට විරෝධය පළ කරමින් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වන මනූෂ නානායක්කාර මහතා ද නිවේදනයක් නිකුත් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත්, එවකට සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් වන මනූෂ නානායක්කාර සහ තලතා අතුකෝරල යන මන්ත්‍රීවරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වූහ. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ වාර්තාකරුවකු මේ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවෙන් කරුණු විමසීමක් ද කර තිබුණු අතර ජනමාධ්‍ය සංවිධාන එකතුව ද පරීක්ෂණයක් ඉල්ලා පොලිසියට පැමිණිල්ලක් යොමු කර තිබිණි.

    දේශබන්දු තෙන්නකෝන්ගේ සහ දේශබන්දු තෙන්නකෝන් යටතේ සිටි පොලිස් නිලධාරීන්ගේ හැසිරීම හේතුවෙන් මාගේ නිවසට පොලිස් ආරක්ෂාව පවා යොදවා තිබුණු අතර මාගේ පැමිණිල්ලක සැකකරුවකු වන තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීම මාගේ ආරක්ෂාවටද ගැටලු‍වක් බව සඳහන් කරමි.

    එසේම ගාලු‍මුවදොර සාමකාමී විරෝධතා භූමියට ප්‍රහාරයක් එල්ල කරමින් පිරිසක් ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියේ දේශබන්දු තෙන්නකෝන් ද සැකකරුවකු ලෙස නම් කරන ලෙසට නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබිණි. දේශබන්දු තෙන්නකෝන් ඊට එරෙහිව අභියාචනාධිකරණයට යොමු කරන ලද පෙත්සමක ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නතර වුවද නීතිපතිවරයා විසින් මේ වන විට එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කර තිබේ. එය ලබන 25 වැවිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතය.

    එසේම වෙහෙරගෙදර රංජිත් සුමංගල නම් පුද්ගලයකුට නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබා ගනිමින්, කෘර අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකීම නිසා දේශබන්දු තෙන්නකෝන් මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය SC FR 107/2011 දරණ මූලික අයිතිවාසිමක් නඩුවේදී තීන්දු කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් වධකාගාරයට ගොස් සැකකරුවන් නිරුවත් කරන ලෙස නියෝග කර සැකකරුවන්ගේ ලිංගේන්ද්‍රයේ සිද්ධාලේප ආලේප කරන ලෙසට නියෝග කළ බව ද තීන්දුවේ සඳහන් වේ. මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවකින් වැරදිකරු වූ සහ මෙවැනි විකෘත්ති ලිංගික ආශාවල් සහිත පුද්ගලයකු ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති ලෙස පත් කිරීමට ව්‍යවස්ථා සභාව අනුමැතිය දීම බරපතල ගැටලු‍වක් ලෙස මම විශ්වාස කරමි.

    දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට ප්‍රථම ඔහුට එරෙහිව ඇති නඩු සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාසය භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරගෙන් වාර්තාවක් කැඳවීනම් ඔහුට එරෙහිව මේ වන විටත් ඇති නඩු 40කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලබා ගත හැකිවීමට ඉඩතිබිණි. තෙන්නකෝන්ගේ පත්වීම අනුමත කිරීමට පෙර ව්‍යවස්ථාදායක සභාව එවැනි සරල වාර්තා කැඳවීමක් හෝ සිදු කර නැති බවට මම විශ්වාස කරමි.

    ජනාධිපතිවරා විසින් පොලිස්පතිවරයා ලෙස තමා කැමති කෙනකු පත් කිරීමට තිබූ බලය ඉවත් කරමින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලබාදීමේ අරමුණම එම තනතුර සඳහා සුදුස්සකු දේශපාලන මැදිහත්වීම්වලින් තොරව පත් කිරීමට දරණ උත්සාහයක් වුවද ව්‍යවස්ථා සභාව කටයුතු කර ඇති ආකාරය අනුව ව්‍යවස්ථා සභාවකින් බලාපොරොත්තු වන මූලික කාරණය පවා ඉෂ්ඨ නොවීම බරපතල තත්ත්වයකි.

    ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින තෙවැනියා මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතුරෙන් වැඩිම චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීම සඳහා කොමිසම අනුමත කල ආකාරය ගැන ද බරපතල ගැටලු‍වක් ඇතිකර තිබේ. ජනමාධ්‍ය වාර්තා කර ඇති පරිදි තෙන්නකෝන්ගේ පත්කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දෙදෙනකු විරුද්ධව ඡන්දය භාවිත කර ඇති අතර සිව් දෙනකු පක්ෂව ඡන්දය භාවිත කර තිබේ. දෙදෙනකු පැමිණ සිට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41.ඉ.4 ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා සභාව සෑම නිර්දේශයක්, අනුමත කිරීමක් හෝ තීරණයක් ඒකමතිකව ගැනීමට සෑමවිටම උත්සාහ දැරිය යුතුය. එසේ කිරීමට නොහැකි අවස්ථාවලදී තීරණයක් සම්මත කර ගත යුත්තේ පැමිණ සිටින සාමාජිකයන් පස් දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් සනාථ කළෙහොත් පමණි. ජනමාධ්‍ය වාර්තා අනුව දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම සඳහා ලැබී ඇත්තේ ඡන්ද 4ක් වන අතර එය අනුමත වීමට නම් ව්‍යවස්ථානුකූලව ඡන්ද 5ක් ලැබිය යුතුය. එසේ හෙයින් ඔහු පත් කළ ආකාරය ද ව්‍යවස්ථා විරෝධී වේ.

    ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනද උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා පොලිසියේ සිටින වැඩිම චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති ධුරයට පත් කිරීම සඳහා ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම සදාචාර විරෝධීද වන අතර ව්‍යවස්ථා සභාවේ මෙම අත්තනෝමතික හැසිරීම ගැන කණගාටු වන අතර ඊට විරෝධයද පළ කරනු කැමැත්තෙමි.

    මාගේ ලිපියේ සඳහන් කරුණු සනාථ කිරීමට අදාල සියලු ලේඛන මේ සමග ඇත.

    ස්තුතියි.

    තරිඳු ජයවර්ධන
    සංස්කාරක
    MediaLK.com

    1 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – සභාපති,
    2 අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා – සාමාජික,
    3 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – සාමාජික,
    4 අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා – සාමාජික,
    5 පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා – සාමාජික,
    6 පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා – සාමාජික,
    7 ආචාර්ය ප්‍රතාප් රාමනුජම් මහතා – සාමාජික,
    8 ආචාර්ය අනුලා විජේසුන්දර මහත්මිය – සාමාජික,
    9 ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය – සාමාජික,

    පිටපත්
    1 සමන් ඒකනායක මහතා, ජනාධිපති ලේකම්.
    2 දිනිත් චින්තක කරුණාරත්න මහතා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්.
    3 ජනමාධ්‍

    Tags: ගවේෂණාත්මක පුවත්ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version