කසිප්පු බෝතල් විසි එකක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ රාජකාරි පිස්තෝලය සහ ජීව උණ්ඩ දහයක් අඩංගු මැංගසිනයක් ද සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිටි බව ඊට අදාළව සිදු කරන ලද පරීක්ෂණ වලින් හෙළි වී ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා මහේස්ත්‍රාත්වරියකගේ ආරක්ෂාවට යොදවා සිටින වරකාපොල පොලීසියට අනියුක්තව රාජකාරි කරන අයෙකි.
මෙම කසිප්පු ,උර 51ක බහා බෑගයක දමාගෙන යතුරුපැදියෙන් ප්‍රවාහනය කරමින් සිට ඇතැයි පොලීසිය ප්‍රකාශ කර තිබේ.
පොල්ගහවෙල ප්‍රදේශයේ දී හමුවූ පුද්ගලයකු තමන්ට මෙම කසිප්පු තොගය වරකාපොලට රැගෙන ගොස් එහිදී හමුවන අයෙකුට භාර දෙන ලෙස කියා ලබාදුන් බවට සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇති බව වාර්තා වේ.














































