අභිජනනය සඳහා වෙන් කර සිටි කුකුළන් 31 දෙනෙකු සොරා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොටදෙණියාව, දොඹවින්න රජයේ සත්ව ගොවිපළෙහි සිටි කුකුළන් 31 දෙනෙකු මෙසේ සොරකම් කර ඇති බව වාර්තා වේ.
මෙම සොරකම පසුගිය 29 වනදා සිදුකර ඇති අතර ඔවුන් පුළුස්සා ආහාරයට ගැනීම සඳහා සැකසූ කුකුළන් 15 දෙනෙකු ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අදාළ සැකකරුවන් කොටදෙණියාව සහ වැලිහිඳ ප්‍රෙද්ශවල පදිංචිකරුවන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.














































