අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට ආරකෂ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා අනුමැතිය ලබා දී තිබුනේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මතය.
නමුත් රට ගිනි තැබූ සහ ඒවාට ආධාර අනුබල දුන් දේශබන්ධු තෙන්නකෝන් වැනි පුද්ගලයන් නිදැල්ලේ සිටියදී අනෙකුත් තරුණ ජීවිත අත් අඩංගුවට ගෙන සිර කර තිබීමෙන් ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන පුද්ගලයන් කටයුතු කරන්නේ ඇදි වත නැති බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. නමුත් තමන්ගේ වැරදි වසාගෙන සෑම දිනකම සිංහ සෙයියාවෙන් සිටිය නොහැකි බවට ඕනා තරම් සිද්ධින් සමාජය තුලින්ම සපයා ගත හැකි වුවත්, වැරදි කරමින් සුද්ධවන්තයන් වීමට වෙරදරන පුද්ගලයන්ට ඒවා නොදැනෙන්නේ ඔවුන්ගේම විනාශයට බවටද ඕනා තරම් සිද්ධීන් තිබේ.
රාජ්‍ය විරෝදී ක්‍රියා සහ ත්‍රස්තවාදී ක්‍රියා යනු දෙකකි. එය වෙන් වෙන් වශයෙන් හදුනාගත යුතු වුවත් නීතියට පිටින් කටයුතු කරන පොලිස් නිලධාරීන් නොහොත් රට විනාශ කරන පොලිස් නිලධාරීන් ඒවායෙහි තිබෙන වගන්ති තමන්ගේ දේශපාලන වුමනාවන් සදහා යොදවා ගනී. ඊයේ (5) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, දැනට දින 48කට වැඩි සංඛ්‍යාවක් වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළක්වීම පනත යටතේ තංගල්ලේ සිරගත කර සිටින බව ය.
ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කලේ, රෑට රෑට වසන්ත මුදලිගේව මල්වාන, කඩවත, ගම්පහ, නවගමුව යන ප්‍රදේශවලට රැගෙන යනබවත් රෑට රෑට මොනවද කරන්නේ කියලා නොදන්නා බවය. පරීක්ෂණ කටයුතු දවල්ට කරන්න බැරි ඇයි ලෙසද ඒ මහතා ප්‍රශ්න කරන ලදී. “ මම අහන්නේ මේක විහිළුවකට ගන්න එපා. අවසානයේ මොනවා හරි සිද්ධියක් වෙලා හෝ සිද්ධියක් ඇති කරලා හෝ වසන්ත මුදලිගේව ඝාතනය කරලා කියයි මෙන්න පැනලා යන්න හැදුවා, ඒක හින්දා වෙඩි තිබ්බා කියලා. ගරු අග්‍රාමාත්‍යතුමනි මේකට අවධානය යොමු කරනවා නම් හොඳයි.” ලෙසද ඒ මහතා එහිදී අවධාරණය කරන ලදී.
“ඔවුන් අත් අඩංගුවට අරගෙන තියෙන්නේ රාජ්‍ය විරෝදී ක්‍රියා කියල. මොකක් ද රාජ්‍ය විරෝධී කියන්නේ? මේ රටේ මනුස්සයෙක්ට මහ පාරට බැහැලා රජය යම් කිසි වරදක් අඩුපාඩුවක්, ඌණතාවක් සිදුවනවා නම්, ඒවා ගැන පෙළපාලි යන්න, මහ පාරට බහින්න, කතා කරන්න, රැස්වීම් තියන්න, මානව අයිතියක් නැද්ද?. දැන් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය. මම ඉල්ලා සිටිනවා ගරු අගමැති තුමාගෙන් ඒ තිදෙනා නිදහස් කරලා සාමන්‍ය පරිදි පරීක්ෂණ කටයුතු කරන්න කියලා ” ලෙස ඒ මහතා ඉල්ලීමක් කරන ලද අතර එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, විපක්ෂ නායකවරයා මතු කළ කාරණය ආරක්ෂක අංශවල අවධානයට යොමු කරන බවත් චෝදනාවක් නැතිනම්, පරීක්ෂණ ඉවර නම්, රැඳවුම් නියෝග තියාගන්න ඕනේ වෙන්නේ නැති බවයි.
කෙසේ නමුත් මේ නීතිවිරෝදී සෙල්ලම් නිසා දිගින් දිගටම විනාශවනෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වන අතර දේශපාලන වුවමනාවන් වලට අවශ්‍ය ලෙස තම රාජකාරිය සිදුකරන සියලුම පොලිස් නිලධාරීන් වෙනමම සෙවිය යුතුය. අතීතයේ සිටම ඔවුන්ගේ දේශපාලන වුමනාවන් මත කටයුතු කර තිබෙන බව සෙවිය හැකිය. ඔවුන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් පලවා හැර නව පොලිස් දෙපර්තෙම්න්තුවක් බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇත.













































