පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රඹුක්කන තිස්මල්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
නාරම්බැද්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි සැකකරුවන් විසින් අදාළ නිලධාරීන්ට පහරදී තිබේ . පසුව පහරකෑමෙන් තුවාල ලැබු එම නිලධාරින් දෙදෙනා රඹුක්කන රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
පහරදීමට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු රඹුක්කන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .