English
සිංහල
03:48 බදාදා, නොවැම්බර් 12, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව පැමිණිල්ලක්. මාසිකව ලක්ෂ 14 ක රාජ්‍ය මුදල් අවභාවිතයක්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාට එරෙහිව ශ්‍රී ලංකා පොලිස් දෙපර්තෙම්න්තුවේම නිලධාරීන් කණ්ඩායමක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ රාජ්‍ය මුදල් නාස්ති කරමින් ලක්ෂ 14 ක මාසික කුලියක් මත පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙනත් ස්ථානයකට රැගෙන යාමට එරෙහිවය. අප මේ පිලිබඳව විමසීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතාගේ දුරකතනයට අවස්තා ගනනාවක් ඇමතුම් ලබා ගත්තත් ඔහු එයට ප්‍රතිචාර දැක්වුයේ නැත. කෙසේ නමුත් ඔහුට විරුද්ධව යොමු කර තිබෙන මෙම පැමිණිල්ල පිලිබදව ප්‍රතිචාර දැක්වීමට මෙහි ඉඩ වෙන්කර තිබෙන අතර මෙම ලිපිය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් වෙත යොමුකර තිබේ.

    ලිපිය පහතින් –

    රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නව ගොඩනැගිල්ලක් වෙත රැගෙන යාම සම්බන්ධවයි.

    ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය කොට්ඨාශය කොළඹ 01, පොලිස් මුලස්ථානය පිහිටි භූමියේ 2014 වර්ෂයේ සිට මේ දක්වා ස්ථාපිතව පවතින අතර පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයෙන් 2014 වසරේදී වෙන්වී ගොස් සේවයේ අවශ්‍යතා මත ස්ථාපිත වු කොට්ඨාසයකි.

    මෙම කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂවරයා වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතාගේ සංකල්පයක් මත හා මෙම කොට්ඨාසයේ ඉඩපහසුකම් නොමැති බවට සදහන් කරමින් මෙම කොට්ඨාසය බත්තරමුල්ල පිහිටි සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 14 වන මහල වෙත රැගෙන යාම සදහා අදාල අංශයන් වෙත ඉල්ලිමක් සිදුකර ඇති අතර එයට පිළිතුරු ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 14ක පමණ මාසික කුලී පදනමක් මත ඉහත සදහන් කල බත්තරමුල්ල, සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 14 වන මහල වෙත රැගෙන යාමට නියමිතව පවතී.

    දැනට පොලිස් මුලස්ථාන භූමියේ ස්ථාපිතව පවතින මෙම කොට්ඨාසය, භූමිය හෝ ගොඩනැල්ලකට කිසිදු ගෙවීමක් සිදු නොකරන අතර මෙම කොට්ඨාසයේ සේවය සදහා පැමිණෙන නිලධාරින්ට ප්‍රවාහන පහසුකම් සුබ සාධන කටයුතු සදහා හා වෙනත් අවශ්‍යතා සදහා මෙතෙක් ගැටළුකාරි තත්ත්වයන් මතුවී නැත. ඉහත සදහන් කල පරිදි මෙම කොට්ඨාසය බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ල වෙත රැගෙන ගියහොත් මාසිකව රජයට රුපියල් ලක්ෂ 14ක පමණ මුදලක් මේ සදහා ගෙවීමට නියමිතව ඇති අතර සේවක පිරිසටද නියමිත වේලාවට රාජකාරි වාර්ථා කිරීමට නොහැකි තත්ත්වයක්ද ආහාරපාන හා ප්‍රවාහන කටයුතු සදහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවී ඇත.

    රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම්වලට එළඹීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දිනැතිව යොමු කර ඇති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛනයට පටහැනිව කිසිදු අත්‍යාවශ්‍ය හේතුවක් නොමැතිව මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා විෂය භාර අමාත්‍යවරයාගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් රජයේ මුදල් අවභාවිතා කරමින් වෙනත් ගොඩනැගිල්ලක් වෙත රාජ්‍ය ආයතනයක් හෝ අංශයක් රැගෙන යාමේ මෙම අදුර්දර්ශි ක්‍රියාපිලිවෙත පිළිබඳව ඔබතුමා දැනුවත් කරන අතර දැනට පවතින වර්ථමාන ගොඩනැගිල්ල කඩා එම ස්ථානයේ සංචාරක හෝටලයක් ඉදි කිරීමට යන බවට නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත.

    මෙම කොට්ඨාසය රැගෙන යාමට අදාල මුල්‍යමය ප්‍රතිපාදන නොමැති බවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සදහන් කර ඇති බවට වාර්ථා වන අතර කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා මහජන ආරක්ෂක අමාත්‍යතුමන්ගේ නියෝග පරිදි මෙම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර එහි මුලික පියවර ලෙසට එම කොට්ඨාසයෙන් එක් අංශයක් 2022.09.16 වන දින රැගෙන ගොස් ඇත. අපහට ලැබී ඇති තොරතුරු අනුව එසේ එක් අංශයක් පමණක් රැගෙන ගොස් ඇත්තේ සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ මාධ්‍ය කොට්ඨාසය ස්ථාපිත කර ඇති බව හඟවා මුදල් ලබාගැනීමට ආරම්භයක් ලබාගැනීමට දරන උත්සාහයක් බවට දැනගැනීමට ලැබී ඇත.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරින් 80ක් පමණ මේ වන විට රාජකාරි සිදුකරනු ලබන අතර එම නිලධාරින්ගෙන් බහුතරයක් නිලධාරින් පවා ඔවුනට පවතින ප්‍රවාහන ගැටලු යනාදී විවිධ ගැටලු හේතුවෙන් මෙම ක්‍රියාවලියට විරෝධයක් දක්වනු ලබයි.

    මෙවැනි අත්තනෝමතික හා රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් අත්‍යාවශ්‍ය හේතුවක් නොමැතිව ගරු ජනාධිපතිතුමන්ගේ නියෝග පවා උල්ලංඝනය කරමින් නව ගොඩනැගිලි පවරා ගැනීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය පිණිස මාධ්‍ය හරහා මෙම අයථා ක්‍රියාව සම්බන්ධයෙන් දැනුත් කරන ලෙසත් සෙත්සිරිපාය ගොඩනැගිල්ලට මාසිකව වියදම් කරන කූලි මුදලින් මෙම ගොඩනැගිල්ලේ අළුත්වැඩියාවක් සිදුකරන්නේ නම් තවත් දිර්ඝ කාලයක් දැනට පවතින ගොඩනැගිල්ල පරිහණය කිරීමටත් නිලධාරින්ගේ රාජකාරි කටයුතුවලදී පවා මහත් සේවාවක් ලබාගැනීමට හැකිවෙනු ඇතැයි බොහෝ නිලධාරින්ගේ අදහසක් බවත් මේ වංචාකාරි ක්‍රියාව සම්බන්ධයෙන් ඔබතුමාගේ දැනුවත් භාවයට හා වගකිවයුත්තන්ගේ දැනගැනීම පිණිස මෙය ඔබතුමා වෙත එවමි.

    (1992 මුදල් රෙගුලාසි පනතේ පිටු අංක 410 හි ගොඩනැගිලි කුලියට ගැනීම බලන්න)

    පිටපත් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පා.මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා.

    කෙසේ වෙතත් ජනතාව කුසගින්නේ දහසක් ප්‍රශ්නවලට මුහුණදෙමින් සිටියදී මෙසේ මුදල් නාස්ති කිරීම අපද අනුමත නොකරන අතර මේ වනවිට පොලිස් නිලධාරින්ට පවා තම වැටුපෙන් ජීවත් වීමට නොහැකිව තිබේ. එවන් ලංකාවක මෙවන් විනාශයන් සිදු නොකළ යුතුය. කෙසේ නමුත් පාලකයන්ගේ දූෂණ, වංචා දෙස බලන විට රාජ්‍ය පරිපාලන සේවයට අයත් විධායක පන්තිය අනුගමනය කරන්නේද එම ක්‍රමයම වන අතර පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ නිලධාරීන්ට පවා ජීවත් වීමට තම වැටුප ප්‍රමාණවත් නොවන විට මෙසේ මාසිකව ලක්ෂ 14 ක් විනාශ කිරීම දෙස ඔවුන් තුලද දැඩි විරෝධයක් එල්ල වේ. පොලිස් දෙපර්තමෙන්තුවේ කුලී ගොඩනැගිලි සදහා මාසික වියදම මිලියන් ගනනාවක් බවද පැවසේ.   

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version