පොලිස් මූලස්ථානයේ මෙහෙයුම් පඹගාලක පැටලෙයි. “නන්දෙ අපි කොළඹට ආවා”

සැලසුමක් නැති, අනාගත දැක්මක් ස්ථාපනය කිරීමට නොහැකි, ජාතික සැලැස්මක් නැතිව දශක කිහිපයක් තිස්සේ එකිනෙකාට ඕනා ඕනා ආකාරයෙන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව අද ඉතිහාසයේ තවත් විශේෂ සිදුවීම් ගනනාවක් සිදුවනු ඇති බවට විශ්වාස කිරීම අරුම පුදුම දෙයක් නොවේ.

අද (9) පැවැත්වෙන අරගලය සුවිශේෂී වන්නේ ජනතාවගේ පීඩාවන් ගැන , ඒවාට විසදුම් ලබා දීමට රජය ඇතුළු පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු නොකිරීමයි. පරම සත්‍ය නම් ඔවුන් සිදුකලේම ජනාධිපතිවරයා පවා නොමග යවමින් නොකළ යුතු දේවල්ය. එසේම ඔවුන් සියලුම දෙනාම කෙතරම් මන්ද බුද්ධිකද යත් ඔවුන් සිතාගෙන සිටියේ මේ අරගල කරනුයේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විසින් බවයි. ඔවුන් එය අනුමාන කලේ එය එසේමයි බවට තහවුරු කරගත්තේ මැයි 9 වැනිදා අශිෂ්ඨ ප්‍රහාරයෙන් පසු, ගාලු මුවදොර පිටියට පැමිණි අනුර කුමාර දිසානායක මහතාට පහර නොදීමත්, සජිත් ප්‍රේමදාස මහතාට පහර දීමත යන කරුණු දෙක පදනම් කරගෙනය.

ඒ මතම සිට තීරණ ගත් ඔවුන්ගේ දේශපාලන තීරණය වුයේ මේ අරගල කරනුයේ ඔවුන් පමණක් බවයි. ඉන්ධන පෝලිමක සිට නැති, ගෑස් පෝලිමක සිට නැති, කුසගින්නක් නොදැනු ඔවුන්ගේ අත් දැකීම නොමැතිකම මත සිතීමේ නහර කපා දමා තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස අද ඉන්ධන නැතිව වුවත්, ජාතික ගමනගමන මණ්ඩලයේ බස් නැතිව වුවත් සැලකිය යුතු ජනතාවක් ඊයේම කොළඹ වෙත ගමන්කරන ලදී. ඉන්ධන තිබුනේ නම් තත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි.

රාජ්‍ය පාලනයේ සිටින ප්‍රධානින්ගෙන් සභාපතිවරු, සාමාන්‍ය අධිකරුවරු, අධ්‍යක්ෂකවරු ඇතුළු පරිපාලන ශ්‍රේණියේ බොහෝ දෙනෙකු ඔවුන්ට තිබෙන බලතල ඔස්සේ ජනතාව පාලනය කිරීමට උත්සාහ කලද ඒ සියල්ලම ව්‍යර්තව වී ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ හතර දිග් බාගනම ජනතාව කොළඹ සහ යාමට අවශ්‍ය නැත. කොළඹ සහ ගම්පහ ජනතාව පැමිණියත් ලක්ෂ ගනනක් සිටින බවවත් සිතීමට ඔවුන්ගේ ඥානය මදි බව නොහොත් බල ලෝබයෙන් පිරුණු මනසින් සත්‍ය වටහාගැනීම යටපත්ව තිබේ.

ඒ අතර පොලිස්පතිගේ සිටම මානව හිමිකම් දැලක් පැටලුණි. ඒ ඊයේ ඇදිරිනීතිය පැනවීමත් සමගය. අද ආරක්ෂකවල සැලසුම බයංකාර විය. මාධ්‍යවේදීන්ට පවා පහර දීම ඔවුන්ගේ ඉලක්කය විය. අප ඒ බව ඊයේ වාර්තා කළේය. ඊයේ රාත්‍රිය වන විටම එක්ෂත් ජාතීන්ගේ අවධානය යොමු වෙමින් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අංශ හිර කළේය. මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පවා තහවුරු වන ලෙස නිවේදනයක් නිකුත් විය. අප මීට දින දෙකකට පෙරද වාර්තා කලේ අද (09) සිදුවීම් වලින් ආරක්ෂක අංශ හිරවන බවයි. ඒවාට පයින් ගැසූ ආරක්ෂක අංශවල ප්‍රධානීන් ඊයේ සැලසුම් කලේ ජනතාවට සහ මාධ්‍යවේදීන්ට පහර දී සාක්ෂි නැති කිරීමටයි.

මේ සියලුම මෙසේ සිදුවෙද්දී පොලිස්පති ඇදිරිනීතිය දැමීමත් සමගම තත්වය තවත් දරුණු විය. ඇදිරිනීතිය පනවා සුළු මොහොතකින්ම එය නීතිවිරෝදී බව ප්‍රකාශ විය. ඒ අතර පොලිස් නිවේදන කිහිපයක්ම පැටලී තිබේ. ඒවා සාමාන්‍ය පරිපාලන දෝෂ අලෙස බැහැර කිරීමට නොහැකිය. CRTM 136 දරන පණිවිඩය උදෑසන 6.19 ට යොමු කර ඇදිරිනීතිය ඉවත් කල පසු එම පණිවිඩයම නැවතත් වෙනත් ආකාරයකින් යොමු කර තිබේ. අවශ්‍ය නම් වැඩ කිරීමේදී වරදින බව සදහන් කල හැකිය. නමුත් සාමාන්‍ය බුද්ධියවත් නොමැතිව ක්‍රියා කිරීම යනු, ඔවුන්ගේම වරදක් පමණක් නොව අපට උරුම කර දී තිබෙන රටේ වරදයි.

මේ මොහොත වන විටත් කොට්ටාව ඇතුළු නගර ගණනාවකම සිට විශාල ජනතාවක් කොළඹට පැමිණෙමින් තිබේ.  

Exit mobile version