පසුගිය 22 වනදා නවගත්තේගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකුට ආණමඩුව ආලංකුලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් පිරිසක් විසින් පහර දීමේ සිද්ධිය සමතයකට පත් නොකර අධිකරණය දක්වා යාම මුල් කරගනිමින් පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා , පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා , වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා , ආණමඩුව පොලිස් අධිකාරීවරයා , ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු වීමක් ලබා දී ඇති බව වාර්තා වේ.
මෙසේ ස්ථානමාරුවීම් ලබා දී ඇත්තේ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි.එම්.සෙනවිරත්න , පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පුෂ්පකුමාර , ආණමඩුව පොලිස් අධිකාරී එච්.එම්.සී.පී.හේරත් , ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ආර්.බණ්ඩාර , වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්.පතිනායකට බව සදහන් කරයි.
මෙම හදිසි ස්ථාන මාරුව පොලිස්පතිවරයා විසින් ඊයේ (28) දින රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරමින් නියෝගය නිකුත් කර තිබූ බව වාර්තා කරයි.
එමෙන්ම මෙසේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසකට එකවර ස්ථාන මාරුවීම ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බව ද සඳහන්.














































