පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පලා යාමට තැත් කළ පුද්ගලයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කොළඹ හලාවත මාර්ගයේ 62වැනි කිලෝ මීටර් කණුව අසලදී සැකකටයුතු ලෙස ධාවනය වූ යතුරු පැදියක් නැවැත්වීමට යතුරු පැදි සංචාරයේ නිරත වී සිටි පොලිස් නිලධාරීන් අණ කර තිබෙන අතර එම අවස්ථාවේදී එම පුද්ගලයා පොලිස් සැරයන්වරයා යටකර පලායාමට උත්සාහ කර තිබූ බව සදහන්.
අනතුරට ලක් වූ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා මාදම්පේ රෝහලට ඇතුළත් කර තිබෙන බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී සැකකරු සතුව හෙරෝයින් මිලිග්‍රෑම් 850 ක් තිබූ බවට පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ.