උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක මැර ප්‍රහාරයකට ලක්ව ගිරිබාව රජයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. පෙරේදා (14) රාත්‍රියේ ගිරිබාව පොලිස් වසමේ වන්නි කුඩාවැව පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී තිබේ. එම ආරවුල විසඳා නැවත පොලිස් පොලිස්ථානයට යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී උප පොලිස් පරීක්ෂක වරයාට සහ කාන්තා පොලිස් කොස්තාපල්වරිය ට මෙලෙස පහර දී තිබෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.
ආමි අජිත් සහ එළු රංජි නමැති පුද්ගලයන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
කෙසේ නමුත් මෙම පහරදීමට හේතුව පොලිස් නිලධාරීන්ගේ යම් වරදක් නිසා සිදු වුවක්ද යන්න අනාවරණය නොවේ.













































