පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට බකමූණ පොලිස් ස්ථානයට පැමිණ එය විභාග කරන අවස්ථාවේ දී පැමිණිලිකරු විසින් වගඋත්තරකරුවාට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වේ.
මෙම පහර දීමෙන් වගඋත්තරකරුවා සහ කොස්තාපල්වරිය තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
තම බිරිද වෙනත් අයෙකු සමග පැන ගියා යැයි කියමින් සැමියා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීම සදහා පැමිණිලිකරු සහ විත්තිකරු යන දෙදෙනා පොලිස් ස්ථානයට කැදවූ අවස්ථාවේ දී කාන්තා හා ළමා කාර්‍යාංශයේ වැඩබලන ස්ථානාධිපති විසින් පැමිණිල්ල විභාග කරමින් සිටියදී පැමිණිලිකරු විසින් එකවරම ඔහු සන්තකයේ සගවා ගෙන තිබූ තියුණු ආයුධයකින් පහර දී තිබේ.














































