පොලිසිය භාර ඇමතිවරයා අවංක නම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේවස්ථාන පාර්ශවයෙන් ලබාදුන් සාක්ෂි පිළිබඳ සොයා බැලිය යුතු බවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කරයි.
පොලිසිය භාර ඇමතිවරයා විසින් විවිධ ප්‍රකාශයන් සිදු කළ ද මේ වන තෙක් කිසිදු සාධරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් කාදිනල් හිමි මහත් කනස්සල්ලට පත්ව ඇත.
කාදිනල් හිමි වැඩි දුරටත් ප්‍රකාශ කළේ පොලිසිය භාර ඇමතිවරයා අවංක නම් දේවස්ථාන පාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සොයා බලා කටයුතු කළ යුතු බවත් එවැනි සාධාරණයක් බලාපොරොත්තු වන බවත් ය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු විනිවිද භාවයකින් යුක්තව සිදු කිරීමට ආණ්ඩුවට මෙන් ම ඇමතිවරයාට ද කිසිදු උවමනාවක් නොමැති බව ද කාදිනල් හිමි සඳහන් කර ඇත.