English
සිංහල
18:59 බ්‍රහස්පතින්දා, මැයි 28, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රඹුක්කන පොලිස් පාතාලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. කදුළු ගෑස් ප්‍රහාරයෙන් පස්සේ ජනතාව ප්‍රකෝපකාරී වූ නිසා වෙඩි තැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

    Ravana by Ravana
    වසර 4ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ මහජන සාමයට හානි වන ලෙස කටයුතු සිදූ කළහොත් අත් අඩංගුවට ගන්නා බවද සදහන් කරන ලදී. එසේම ඔහු සදහන් කරන පරිදි විරෝධතාකරුවන් ත්‍රීවීල් රථයකට සහ ඉන්ධන බවුසරයට ගිනි තැබීමට කටයුතු කල නිසා කදුළු ගෑස් එල්ල කල බවත් කදුළු ගෑස් එල්ල කිරීමෙන් පසු විරෝධතා කරුවන් පොලිසියට ප්‍රහාර එල්ල කල නිසා වෙඩි තැබූ බවත් සදහන් කරන ලදී.

    විරෝධතා කරුවන් එසේ ගිනි තැබීමට ගියේනම් ඒ සදහා සාක්ෂි තිබේද?. වාචික සාක්ෂි ලබා දිය හැක්කේ පොලිසියට පමණි. එම සාක්ෂි නීතිය ඉදිරියේ පිළිගන්නේ නැත. එසේ නම් හොදම සාක්ෂිය වන්නේ වීඩියෝ සාක්ෂිය. එසේ නම් එම සාධාරණ සාක්ෂි මාධ්‍යට නිකුත් කල යුතුය.

    එසේ සාධරණ සාක්ෂි ඉදිරිපත් නොකලහොත් මේ අපරාධය භාර ගැනීමට පොලිසියට සිදූ වේ. එය භාරගත යුත්තේ වෙඩි තැබීමට අණ දුන් පුද්ගලයන් සහ වෙඩි තැබූ නිලදාරින්ය. වීඩියෝ පටවලට අනුව ” ගහල එළවපන් , ගහල එළවපන් ” යනුවෙන් කෑ ගසන හඩ පැහැදිලිවම ඇසේ. නමුත් ගිනි තැබීමට උත්සාහ කරන වීඩියෝ අප දුටුවේ නැත. එසේ තිබේ නම් අත් අඩංගුවට ගත යුත්තේ එම පුද්ගලයන්ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ සාක්ෂි ඉදිරිපත් නොකර වරදට සුදු හුණු ගෑම කිසි සේත්ම නොකළ යුත්තකි. නමුත් ඔහුට ප්‍රකාශ කරන්නට තිබුනේ මේ “සිද්දිය පිළිබදව අපට ලැබිල තියෙන තොරතුරුවලට අනුව … ලෙස වන අතර ” පොලිසිය පැත්තෙන් වරදක් සිදු වී තිබේනම් එය සොයා බල කටයුතු කරනවා” ලෙසයි. නමුත් පොලිස් මූලස්ථාන මට්ටමින් සිදු වුයේ මෙම ප්‍රහාරය සාධාරණ බව ප්‍රකාශ කිරීමයි.

    සොයා බැලිය යුත්තේ මිනිසුන් ප්‍රචණ්ඩ වුයේ ඇයිද යන්න සහ සිද්දිය පිළිබදව සම්පූර්ණ අධ්‍යනයකින් පසු එය නිවැරදි කිරීමයි. වාර්තා නොවන බොහෝ පොලිස් ස්ථානාධිපතිවරුන් සාකච්චා සහ සම්මුතීන් වලින් ප්‍රශ්න සිය ගනනක් විසදා තිබේ. උද්ඝෝෂණ ආරම්භ වූ දිනයේ පටන් වසා දැමුණු මාර්ග විශාල ප්‍රමාණයක් විවෘත කෙරුනේ පොලිස් ස්තානධිපතිවරුන්ගේ බුද්ධිමත් භාවයෙනි. ඔවුන් රටේ තත්වය පිළිබදව මනා අවබෝදයකින් කටයුතු කල නිසා මහජන දේපල මෙන්ම නිලධාරීන්ගේ පවා ජීවිත ආරක්ෂා විය. එවැනි සිද්දීන් සිය ගනනක් අප සතුව තිබේ. ඒවාද අප ඉදිරියේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ඇත. නමුත් එක් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ අමනෝඥ ක්‍රියා නිසා පොලිස් මූලස්ථානයද ඒවා නිවැරදි බවට ප්‍රකාශ නිකුත් කිරීමෙන් ඉදිරිය තව තවත් දරුණු වේ.

    යම් යම් පුද්ගලයන් මෙම සිද්ධීන් 88/89 කාලයන් හා මෙන්ම 83 කළු ජුලිය සමග සසදන්න උත්සාහ කරන අතර උසස් පොලිස් නිලදාරීන්ගේ වයසත් සමග ඔවුනුත් එසේ පාලනය කිරීම සුදුසු බවට සිතන බව පැහැදිලිය. නමුත් ඔවුන් නොදකින එක් පැති කඩක් නම් එදාට වඩා වර්තමානය වෙනස් බවයි. රටේ වර්තමාන තරුණ පිරිස්ගේ ගති ලකෂණ වල තිබෙන වෙනස්කම් මෙන්ම ගෝලීය ගම්මානයේ ඇතිව තිබෙන වෙනස්කම් පොලිස් නිලදාරීන් තවමත් හදුනාගෙන නැත. එසේම ඔවුන් ලෝකය සමග මෙන්ම සමාජය තුල විවිධ තරාතිරම් සමග තිබෙන ප්‍රබල සබඳතාද හදුනාගෙන නැත.

    එසේම ලැබී තිබෙන වීඩියෝ වලට අනුව පොලිසිය පහර දෙයි. එසේ පහරදීමට නීතියෙන් අවසර නැත. එසේනම් මේ අපරාධයට වගකීමට අදාළ පොලිස් නිලධාරින්ට සිදු වේ. පොලිඅ මූලස්ථානය මේ අපරාධකරුවන්ගේ පැත්ත ගන්නේ නම් සමාජය තුල තිබෙන වීඩියෝ දර්ශනවලට වඩා ප්‍රබල දර්ශන ඉදිරිපත් කල යුතුය. ඒ තුලින් පමණක් සැහීමකට පත් විය නොහැක. අපරාධ පරීක්ෂණයක් ආරම්භ කල යුතුය. එදා අලුත්ගම, කටුනායක මෙන්ම රතුපස්වල සිද්දීන් සේ මෙය ගැලපීමට නොහැක. එම ස්ථාන වල සිදු වුයේ එක් කොටසකට පමණක් සිදු වූ සිදුවීම්ය. නමුත් මෙම සිද්දිය සමස්ත ලංකාවම එකට එකතුව පිඩා විදින ප්‍රශ්නයකි. මින් පසු උද්ඝෝෂණවලට පැමිණෙන මිනිසුන් කැති පොලු රැගෙන විත් පොලිස් නිලධාරීන්ට මෙන්ම හමුදා නිලධාරින්ටද මරණය පවා ගෙන එන්නට තිබෙන තත්වය නැති කිරීම පොලිසියේ වගකීම වේ.

    එබැවින් පොලිස්පතිතුමා හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා කුමක් කෙසේ සඳහන් කලද මෙම සිද්දියේදී මහජන පීඩාවක් මෙන්ම කැරැල්ලක් ඇති කලේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ය. එබැවින් වහාම එම නිලදරින්ට අපරාද චෝදනා යටතේ නඩු පැවරිමත් පොලිසියේ වගකීම වේ. .

    “ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය හිමිකරුගේ විශේෂ සටහන“

    ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32, 33, 35, 36, 37 යන වගන්තින් වලින් පැහැදිලි කරන ආකාරයේ සිදුවීම් පෙලක් වීඩියෝ වලින් දක්නට ලැබේ. ඒ සියල්ලම සිදුවන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ පැත්තෙනි. පොලසි ප්‍රහාර වලින් ප්‍රකෝප වූ ජනතාව පොලිසියට පහර දෙයි. එය ජනතාව විසින් සිදුකරන වරදක් නොවේ. ජනතාව ප්‍රකෝප වන්නේ කදුළු ගෑස්ප්‍රහාරයෙන් පසුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සදහන් කල අතර ඔහුට අනුව වෙඩි තබන්නේ කදුළු ගෑස් ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාවයි. ප්‍රකෝප වූ ජනතාව පොලිසියට පහර දීම නීතිමය වශයෙන් වරදක් නොවන අතර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 89, 90,91, 93, සහ 94 යන වගන්තින් වලින් මෙම සිද්ධියට සම්බන්ධ වූ උද්ඝෝෂකයනට ආරක්ෂාව සලසා තිබේ.

    නමුත් මෙහිදී පොලිසිය තමන් නිවැරදි බවට ගෙන ආ තර්කය ප්‍රධානතම වශයෙන් අදාළ වන්නේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 92 වගන්තියටයි. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගේ ප්‍රකාශය වුයේ ” කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ජනතාව පොලිසියට පහර දුන් බැවින් වෙඩි තැබුවා” යන්නයි. නමුත් එහිදී සිදුවන්නේ කදුළු ගෑස් ගසන්නේ ප්‍රකෝපකාරී නොවුණු පිරිසකටයි. බවුසර් රථයට ගිනි තැබීමට උත්සහ කල බවට කිසිදු සාක්ෂියක් පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් දක්නට නැත. ඔවුන්ගෙන් ඇසෙන්නේ ” ගහල එළවපන් , ගහල එළවපන් ” යන වචන පමණයි. ඒවා කියන්නේ පොලීසිය බවද අවස්ථාවට අනුව පැහැදිලිය. ජනතාව උද්ඝෝශනය කරන්නේ ජීවත් වීම සදහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලමිනි. මාර්ගය පවා වසා දමන්නේ ජීවත් වීමට හැකි පරිසරය රජය විසින් ලබා නොදෙන නිසාය. ඔවුන් මෙරටට බරක් නැති එදා වේල සොයාගන්න ජනතාවයි. මේ පොලිසිය කදුළු ගෑස් එල්ල කරන්නේ එවැනි නිරායුධ ජනතාවකටයි. එහිදී සිදුවන්නේ නිරායුධ ජනතාවට කදුළු ගෑස් එල්ල කරමින් පහර දීමෙන් ඔවුන් කැරැල්ලක් දක්වා ගමන් කරවීමයි. ජනතාව ප්‍රකෝප කර වූ පොලිස් නිලධාරීන්ට සහන ලබා ගැනීමට කිසිදු ඉඩක් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දක්නට නැත.කදුළු ගෑස් ගසා ජනතාව ප්‍රචණ්ඩත්වයට පත් කර වෙඩි තැබීමේ වරද පැහැදිලිවම පොලිස් නිලදාරීන් සිදු කර තිබේ.

    එපමණක්ද නොව, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 100, 101, 104 ආදී එම පරිච්චේදයේ වගන්තීන්ද, 113 (අ ) (1) , 120, 138, 139, 141, 142, 146 ආදී වගන්තීන් වලින්ද අදාළ පොලිස් නිලදරින්ට විරුද්දව චෝදනා ඉදිරිපත් කල යුතුය. එම වගන්තීන් වලින් යම් යම් සහනයන් ලබා ගැනීමට අදාළ පොලිස් නිලදරින්ට හැකියාව තිබුනද , වර්තමාන ක්‍රියාදාමයට අනුව ඔවුන්ට කිසිදු සහනයක් ලැබිය නොහැකිය. එය සිද්දීමය කාරණා සමග බැදී පවතී.

    මෙහිදී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 150 වන වගන්තිය යටතේ කියවෙන වගන්තිය යටතේ එන වරද ක් සිදු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයෙන්ම සදහන් වේ. වරදක් සිදු කර තිබෙන බව ඔහු සදහන් නොකලද , ” කදුළු ගෑස් එල්ල කරන තෙක් තෙක් ජනතාව කුපිත වූ බවට ” කිසිදු සාක්ෂියක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර නැත. ඔවුන් එසේ යම් යම් ප්‍රකාශ නිකුත් කල පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කරන නිවේදන ඔහු නිකුත් කරනුයේ අදාළ ප්‍රදේශයේ බලධාරීන් ලබා දෙන තොරතුරු වලට අනුවය. මෙහිදී ජනතාව ” කැරැල්ලක් දක්වා වර්ධනය වන්නේ” කදුළු ගෑස් එල්ල කරමින් ඔවුන් ජනතාව ප්‍රකෝප කල නිසාය.

    එසේම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ තව දුරටත් සදහන් වන 156, 162, 261, 289, 293 සහ 294 යන වගන්තින් වලින්ද පොලිස් නිලදරින්ට දඩුවම් ලැබිය යුතුය. විශේෂයෙන්ම එම සංග්‍රහයේ 294 වැනි වගන්තිය තුලින් කියවෙන “මිනි මැරුම්”. චෝදනාද ඔවුන්ට එල්ල කල හැකිය. එයට හේතුව නම් පෙනෙන සහ ඇසෙන කරුණුවලට අනුව 294 වගන්තියේ පළමු ව්‍යාතිරේකයේ අතුරු විධාන වලින් මුක්ත වීමට හැකි කිසිදු සාක්ෂියක් මේ වන තෙක්ම දක්නට නොලැබේ.

    එසේම එම පනතේම 311, 312, 313, 314, 315, 318, 325, 326 327, 328, 329, 340, 341, 343 ආදී වගන්ති සහ තවත් වගන්ති ගනනාවක්ම තුලින් පොලිස් දෙපර්තමෙන්තුවට චෝදනා එල්ල කිරීමට සහ නඩු පැවරීමට ලංකා දණ්ඩ නැති සංග්‍රහයේ ප්‍රතිපාදන තිබේ. පොලිසිය කල යුත්තේ සුදු හුණු ගාමින් තව දුරටත් නිලදාරීන්ගේ සහ ජන ජීවිත විනාශ නොකර අදාළ නිලදිරින් සොයා වහාම පරීක්ෂණ කිරීමයි. තුවක්කු අතේ තිබු පුද්ගලයන්ගේ තුවක්කු වහාම ආරක්‍ෂිත උපක්‍රම යටතේ රැගෙන පරීක්ෂණ පවතවා ” B ” වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කල යුතුය. ඒ මේ වෙඩි තැබීම සිද්දිය පිලිබදවයි. මා ඉහතින් සදහන් කල වගන්තින් සහ සදහන් නොකළ වගන්තින් ඔස්සේ කටයුතු සිදු කරමින් රජයේ රස පරීක්ෂක වෙත් තුවක්කු ඉදිරිපත්කරමින් වෙඩි තබා ඇති තුවක්කු හදුනා ගත යුතුය.

    ඒවා කළා යුත්තේ කෙසේදැයි සදහන් කල යුතු නැත. කල යුත්තේ කෙසේද යන්න පොලිස් නිලදාරීන් ඉතාම හොදින් දන්නා බැවින් ඒවා කල යුතුය. වරදක් කර තිබේද නැද්ද යන්න අධිකරණය තීරණය කරනු ඇත. එසේ නොකර නිහඩව සිටීමෙන් හෙට දිනයේ සිදුවන තවත් දරුණු අපරාධවලට පොලීසය වගකිව යුතුය.

    එසේ නොකරන්නේ නම් තව දුරටත් මානව හිතවාදී පොලිසියක් ශ්‍රී ලංකාවේ නොමැති බවද අවධාරණය වනු ඇත. එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකාවේ පොලිසිය යනු නීත්‍යානුකූල පාතාල කණඩායම් සිටින රජයේ ආයතනයක් වනු ඇත. එසේම මෙම සිද්දිය පාස්කුවක් සේ, කටුනායක සේ, අලුත්ගම සේ හෝ රතුපස්වල සේ යට නොයන සිදුවීමක් වනු ඇත. එය නිසි ලෙස හදුනා ගත යුතුය. දැන් මිනිසුන් උද්ඝෝෂණය කරන්නේ එක ස්ථානයක හෝ දෙකක නොවේ. පොලිස් නිලදරින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකළ හොත් මතු දිනයක විශ්‍රාම දිවියේදී හෝ සිර ගත වීමට සිදුවන්නේ වර්තමාන උසස් පොලිස් විය හැකිය. එබැවින් අනාගතය ගැන සිතා බලා රාජකාරිය සිදු කිරීම බලධාරීන්ගේ වගකීම වේ.

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version