12:33 සිකුරාදා, නොවැම්බර් 7, 2025
Eng සිංහල

පොලිසිය සහ රාජ්‍ය ආයතන ගැන “රාවණා ලංකා” ලියු පුවත් සත්‍ය බවට සමීක්ෂණයකිනුත් සහතික කරයි

රටේ අල්ලස දූෂණය වැඩියෙන්ම සිදුවන ආයතනය ලෙස ශ්‍රී ලංකා පොලිසිය හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරුන් දෙදෙනකු කළ සමීක්ෂණයකින් තොරතුරු අනාවරණය වී ඇති බව ලංකාදීප වාර්ථා කර තිබේ.

අප පොලිසිය ගැන එවැනි සිද්ධීන් සිය ගණනක් වාර්ථා කර තිබෙන නමුත් යහපත් පොලිසියක් නිර්මාණය කිරීමට අවශ්‍ය කිසිදු පිළිගත් වැඩපිළිවෙලක් තවමත් සකසා නොමැති බව “රාවණා ලංකා” අප පසුගිය සතියේද වාර්ථාවක් මගින් පෙන්වා දුන්නේය. එසේම අනෙකුත් රාජ්‍ය ආයතන වල තත්වයන්ද විශාල ප්ප්‍රමාණයක් අප වාර්ථා කර තිබෙන නමුත් ඒවාද සැකසීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් සැකසීමට දේශපාලන අධිකාරිය සමත් වී නැත.

එසේම රටේ මුදුන් මල්කඩ වැනි ආරක්ෂක හමුදාවන්වල සිදුවන නීතිවිරෝදී ක්‍රියාද අප පෙන්වා දී තිබෙන අතර ඒවාට අදාලව අභ්‍යන්තර පරීක්ෂණ සිදුවන බව අපට වාර්ථා වී තිබේ. කෙසේ නමුත් ආරක්ෂක ලේඛම්වරයා පිළිබදව, යුද්ධ හමුදා දුෂිත පරිපාලනය පිළිබඳව මෙන්ම, රාජ්‍ය පරිපාලනයේ, අධ්‍යාපනයේ මෙන්ම සබරගමුව පළාත් අධ්‍යාපනයට අදාලව පෙන්වා ඇති දුෂිත ක්‍රියාකාරකම් පිළිබඳවද ගත යුතු සැබෑ ක්‍රියාමාර්ග ගෙන නැත. කෙසේ වුවත් වෙනත් පළාත්වලට අයත් බොහෝ කටයුතු පිළිබඳව අප වාර්ථාවලට අවශ්‍ය යුක්තිය ඉටුව තිබේ.

එසේම ආරක්ෂක ලේඛම්වරයාට එල්ලව තිබෙන චෝදනාවල මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිගේ විනය විරෝදී ක්‍රියාමාර්ග , ජේෂ්ඨ හමුදා නිලධාරීන් ලක්ව තිබෙන අපහසුතාවලට සහනයන් ආදී කිසිවක් පිළිබදව අවශ්‍ය විමර්ශන තවමත් සිදු නොවීම, හෙට දිනයේ තව තවත් ගැටුම්වලින් රාජ්‍යයක් බිහිවීමට හේතුවන බව අප දීර්ඝකාලයක් තිස්සේ පෙන්වා දෙමින් සිටී. නමුත් ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක උපදේශක සාගල රත්නායකට හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බලය නොමැති කමින්ම පෙනී යන්නේ සියල්ල අරාජික වෙමින් පවතින බවයි. එය කුමන ආකාරයක ප්‍රතිපල ලබා දේවිද යන්න නිශ්චිත උපකල්පන ඉදිරිපත් කල නොහැක.

තවද යුද්ධ හමුදාවේ ⁣මේ වන විට ජේෂ්ඨත්වයෙන් දෙවැන්නා විය යුතු බ්‍රිගේඩියර් චංදන රණවීරට ලබා දී තිබෙන අභියාචනාධිකරණ නඩු තීන්දුව ද යුද්ධ හමුදාව විසින් අභියාචනා කර තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව , ඔහු මාර්තු මාසයේදී විශ්‍රාම ගිය පසු ගජබා රෙජිමේන්තුවටම බලය තහවුරු කර ගැනීමටය. එම රෙජිමේන්තු ප්‍රධානීන් එසේ කරමින් සිටියදී, අනෙක් බලඇණි සියල්ලම ගජබා රෙජිමේන්තුවට එරෙහිව සිටී. රටක පුරවැසියන්ගේ මුර දේවතාවන්ගෙන් කොටසකට, මුර දේවතාවන් විසින්ම කෲර සහ අවමන් සහගත සැලකිලිවලට භාජනය කිරීම සියලු පුරවැසියන් මේ වන විටත් ලබා තිබෙන බරපතල පරාජයකි.

දිවයිනේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් 500කට වැඩි පිරිසක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට (ඔන්ලයින්) මෙම සමීක්ෂණය කර තිබෙන්නේ, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශය මහාචාර්යවරුන්වන වසන්ත අතුකෝරළ සහ මාලක රණතිලක යන යන මහත්වරුන් විසිනි.

එම සමීක්ෂණය අනුව මීළඟ දූෂිත පිරිස ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස හඳුනාගෙන ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

ඉන් පසු වංචාව දූෂණවලට යොමු වූ වැඩිම පිරිස සහ ආයතන ලෙස පිළිවෙලින් පළාත් සභා සහ ප්‍රාදේශීය සභා සභිකයන්, ග්‍රාම නිලධාරී සේවය, අධ්‍යාපනය ක්ෂේත්‍රය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා රේගුව හඳුනාගෙන ඇති බව ඔහු පවසයි.

මේ අතර, රාජ්‍ය ආයතනවල සේවා ලබා ගැනීමට යන අයගෙන් සියයට අනූ හතරක් පමණ කුමන හෝ දුෂ්කරභාවකට මුහුණ දෙන බව එම සමීක්ෂණයේදී තොරතුරු හෙළිවී ඇත.

සැම රාජ්‍ය ආයතනයකම කුමන හෝ දූෂණයක් සිදුවෙන බවට සියයට අනුහතරක පිරිසක් ප්‍රකාශ කරන්නේ ‍යැයි පැවසූ මහාචාර්යවරයා, මින් සියයට 22ක්ම රාජ්‍ය ආයතනවලින් වැඩකරගෙන ඇත්තේ, විවිධ අල්ලස් දීමෙන් හෙළි වී ඇතැයිද සඳහන් කර තිබේ.

සියයට හතලිස් නවයක් පෞද්ගලික සබඳතා මත සේවය ලබාදෙන ඇති බවත්, තෑගි ලබාදී සේවය ලබාගෙන ඇති සංඛ්‍යාව සියයට හයක් බවත්, සමීක්ෂණයේදී තොරතුරු හෙළිවී ඇත.

මෙයට අමතරව පරිත්‍යාග කිරීම් මගින් සියයට අටක පිරිසක් රාජ්‍ය ආයතනවලින් වැඩ කරගෙන ඇති අතර, වෙනත් ක්‍රම මගින් වැඩ කරගෙන ඇති සංඛ්‍යාව සියයට 15ක් බවද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

මුදල් පරිත්‍යාග ලබාදී රාජ්‍ය සේවය ලබාගත් පිරිස සියයට තිස් හයකි. මෙයට අමතරව ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සාහ දැරූ සිද්ධීන් 10ක්ද වාර්තා වූ බවද ප්‍රකාශ කරන මහාචාර්යවරයා, සමීක්ෂණයට භාජනය වූ පිරිසෙන් සියයට තිස් හයක්ම රාජ්‍ය ආයතනවල ඉතා විශාල වශයෙන් දූෂණ සිදුවෙන බව ප්‍රකාශ කරන්නේ යැයිද සඳහන් කරයි.

මේ අතර, රාජ්‍ය සේවා ලබාගැනීමට ගොස් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වෙන පිරිස සියයට පහළොවක් බවත්, සියයට 30ක් කිසිදු තෘප්තිමත්භාවයක් නොලබන බවත්, සමීක්ෂණයේදී තොරතුරු හෙළිවීයැයි හෙතෙම පවසයි.

ජනතාවගෙන් සියයට පනස් පහක් ප්‍රකාශ කරන්නේ, රාජ්‍ය අංශයේ සේවය ගැන සාමාන්‍ය මට්ටමින් සැහීමකට පත්විය හැකි බව යැයිද ඔහු සඳහන් කරයි.

මේ අතර, රාජ්‍ය ආයතනවල ඉහළ මට්ටමේ අකාර්යක්ෂමතාව සියයට 27ක්ද ඉහළ මට්ටමේ නිලධාරීවාදය සියයට පහළොවක් ඇති බවද ප්‍රකාශ කරන බව මහාචාර්යවරයා සඳහන් කර ඇති බවද ලංකාදීප වාර්තා කර තිබේ.

“All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

Related Posts