English
සිංහල
03:33 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලීසියෙන් අවසන් වූ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මහා සභාව. රාවණා ලංකා වෙබ් අඩවිය පුළුල් තිරයේ.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රාජ්‍ය බලධාරීන් සමඟ දුෂණ වංචා කරනුයේ තවත් දුෂිත සිවිල් පුරවැසියන් සමූහයකි. ඔවුනොවුන් අතර අමනා සබඳතාවයක් පවතින අතර දුෂිත රාජ්‍ය බලධාරියාගේ වැරදි අනාවරණය වන විට ඔහුව ආරක්ෂා කරගනුයේ සිවිල් සමාජයේ එම දුෂිත පුද්ගලයන්මය. නමුත් ඔවුන් දුෂිත බව ඔවුන් නොදැනීමෙන් මෙම විනාශයන් සිදු වේ.


    ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ වංචා, දුෂණ අක්‍රමිකතා මෙන්ම ඔවුන් සිදුකරනා යහපත් දේවල්ද අප දිගින් දිගටම මෙම වෙබ් අඩවිය තුළින් ජනගත කරමින් බොහෝ පීඩිත මිනිසුන්ගේ ගැටලුවලට අවශ්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කර තිබේ.


    එම ප්‍රශ්න අතරෙ පුවත් 6 ක් පළකලත් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සබරගමුව පළාත් රාජ්‍ය බලධාරීන් අපොහොසත් වූයේ එකම දූෂිත වළල්ලක කොටස්කරුවන් ලෙස මොවුන් සියලුම දෙනා එකට එකතුව සිටීමයි.


    මෙම සිද්ධිය තුළින් මහජන සාමයට හානි සිදුවන බවද අප පෙන්වා ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිලිකර තිබේ. නමුත් පැමිණිල්ලේ චූදිතයන් පොලීසියට ගෙන්වා පැමිණිල්ල විභාග කිරීමට පොලිසිය අසමත්ව තිබේ. ඔවුන්ගේ කූට උපක්‍රම සියල්ලම අප පෙන්වා දී තිබේ.

    එසේ තිබියදී පසුගිය 21 වනදා අප වාර්තා කළේ මෙම විදුහල්පති වෙනුවෙන් පෙනී සිටිනා ගුරුවරු කිහිප දෙනෙකුම පසුගිය 21 වනදා ගුරුවරුන්ගෙන් බලහත්කාරයෙන් ලිපියක් අත්සන් කරගෙන තිබුනේ විදුහල්පති අවශ්‍ය බවට පළාත් බලධාරින්ගෙන් ඉල්ලා සිටීමටයි. නමුත් ගුරුවරු දෙදෙනෙකු පමණක් සෘජුවම එම ලිපිය අත්සන් නොකිරීමට කටයුතු කර තිබුණි.

    එසේ තිබියදී පසුගිය 22 වනදා දහවල් 12 ට පාසල් සංවර්ධන සමිතිය කැඳවා තිබුනේය. දෙමාපියන් 300 ක් වැනි ප්‍රමාණයක් පාසලට පැමිණි අතර පාසලට ඇතුල්වන දොරටුවට මදක් එහායින් පැමිණෙන දෙමාපියන්ගේ අත්සන් ලේඛනයක් ලබා ගත්තේය. එය කුමක් සඳහා ලබා ගත්තේද යන්න එම දෙමාපියන් නොදන්නා නමුත් සැලසුම වන්නේ එම අත්සන් ලේඛනය විදුහල්පති පාසලට ලබා දෙන ලෙස ඉල්ලා බලධාරීන් වෙත ඉදිරිපත්කරන ලිපියට යා කිරීමටයි.

    පාසල් සංවර්ධන සමිතියේ ආරම්භයේ සිට අවසානය දක්වා පටිගත කිරීමත්, එය සජීවීව ලබා ගැනීමටත් අපගේ කණ්ඩායම කටයුතු කරනු ලැබුයේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙනය.

    ආරම්භයේ සිට අවසානය දක්වාම දෙමාපියන් නොමග යැවූ මෙම රැස්වීම සඳහා අරක්කු බී ගත් මැර කණ්ඩායමක්ද ගෙන්වා ගැනීමට විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු විදුහල්පතිට පක්ෂපාති පිරිස් කටයුතු කර තිබුණි.

    රැස්වීමේදී විදුහල්පති වෙනුවෙන් එක මවක් කදුළු සලන ලදී. එම කාන්තාව කදුළු සලන විට දෙමාපියන් කිහිපදෙනෙකු ප්‍රකාශ කලේ එම මවගේ දරුවන් මෙම පාසලට ඇතුලත් කරගෙන තිබෙන්නේ පාසල් ගණනාවකට එහා සිට බවයි. එසේ හැඩු කාන්තාව සිද්ධිය දැනගන්නේ ආරවුලෙන් පසුවය. “ අනේ බුදු මිස් , මට සමාවෙන්න, මේ ප්‍රින්සිපල් මේ වගේ බල්ලෙක් කියල අපි දැනගෙන හිටියේ නෑ” කියමින් ගුරුවරියකගෙන් වැද සමාව ගත්තේය.

    ගුරුවරුන්ගේ නොහොබිනා කතා අතරේ දෙමාපියන් විශාල ප්‍රමාණයක් ආසනවලින් නැගිට ආපසු ගියේය. ඔවුන් විසින්ම වැඩසටහන වීඩියෝ කරන ලදී. සබරගමුවේ බලධාරීන් සිටින්නේ විදුහල්පතිවරයා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බැවින් එම වීඩියෝ දර්ශනවලින් යමක් නිගමනයට ගැනීම ඔවුන් නොකරන බව අප මීට පෙරම පෙන්වා දෙන ලදී.


    මෙහි වැදගත්ම කොටස උදා වුයේ සංවර්ධන සමිතියේ ලේකම්ගේ කතාවේදීය. ඔහු ආදී සිසු සංගමයේ ලේකම්ගේ ගෙදරට ගොස් තිබුනේ පිහියක් රැගෙන ඔහුව මරා දැමීමටය. ඔහුගේ කතාවේදී විදුහල්පතිවරයාට එරෙහි සිටින බවට ගුරුවරු තිදෙනෙකුගේ නම් ප්‍රකාශ කළේය. එම නම් පැවසීමත් සමඟම පාසලේ සත්‍ය කතාව එළියට පැමිණියේය. ගුරුවරියක් නැගිට ලේකම්වරයාගේ චෝදනාවට පිළිතුරු දුන්නේය. පාසලේ සැබෑ තත්වය ඇය දෙමාපියන්ට පැහැදිලි කළේය. තවත් ගුරුවරයෙකු ද එයම කළේය. ඉන් අනතුරුව එම දෙමාපියන් සියලුම දෙනා මෙම ගුරුවරුන්ගෙන් සමාව අයදින ලදී. එම ගුරුවරුන්ගේ කතා අතරේ චන්ඩින් කිහිප දෙනෙකුගේම විරෝධය එල්ල වුවත්, එම අරක්කු බී ගත් චණ්ඩින්ගේ කටවල් වැසීමට තවත් පිරිසක් කටයුතු කරන ලදී.

    එම සිදුවීමත් සමඟම මහා ගල ගෝට්ටියක් ඇති විය. හදිසි කාර්ය මණ්ඩල රැස්වීමක්ද එවෙලේම කැඳවන ලදී. දෙමාපියන් ඉදිරියේ පීඩාවට, නින්දවාට මෙන්ම තර්ජනයට ලක් වූ ගුරුවරුන්ගේ කොන්ද දිග හැරුණු අප දුටුවේය. එහි පටිගත කිරීම වෙනත් ගුරුවරයෙකු විසින් අපට ලබා දෙන ලදී. එම ස්ථානයට යාමට දෙමාපියන්ට අවසර නොලැබුනේය.

    අවසානයේ එම ගුරුවරු තිදෙනාම ඇඹිලිපිටිය පොලීසියට ගියේ විදුහල්පතිට සහ සංවර්ධන සමිතියේ ලේකම්ට විරුද්ධව පැමිණිලි කිරීමටය. මෙම පාසලේ විදුහල්පතිගෙන් විවිධ වරප්‍රසාද ලබන ගුරුවරු මෙන්ම දෙමාපියන් කිහිප දෙනෙකුම සිටී. මෙම රැස්වීමට අවශ්‍ය සහාය මෙන්ම දෙමපියන් කැඳවීමද සිදුකලේ ඔවුන් බව අපට තොරතුරු ලැබී තිබුණි. මේ පිරිසේ ගුරුවරු අයත් වන්නේ රාජ්‍ය සේවයටය. ඔවුන්ගේ නම් ලැයිස්තුව අප වෙත ලැබී තිබේ. ඔවුන් ස්ථාන මාරුවීම් ලබා යා යුතු කාලයන් පැමිණ තිබේ. විදුහල්පති ගිය පසු ඔවුන්ට අවශ්‍ය ලෙස පාසල තුල සිටීමට වරප්‍රසාද නොලැබෙන බැවින් ඔහුව රැකීම සඳහා කටයුතු කරන බවටද චෝදනා එල්ල වේ. එම ගුරුවරුන් මෙම පාසලට පැමිණ තිබෙන කාලයන් අප වෙත ලැබී තිබේ. කෙසේ නමුත් මෙම කාලයන් පිළිබඳව නිශ්චිත ලෙසම තහවුරු කරගැනීමට අප අපොහොසත් විය. එය සෙවීම බලධාරීන්ගේ වගකීමය. මෙම ගුරුවරුන්ගෙන් සමහර ගුරුවරුන්ට විශාල චෝදනා තිබේ. අප එම චෝදනා සියල්ලම තහවුරු කරගත් පසු පලකරනු ඇත.

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ අරක්ගත්, ගැටළු ඇතිකරන ගුරු මඩුල්ල
    අවුරුදු 08ට වැඩි අධ්‍යයනය කාර්‍යය මණ්ඩලය

    S.R. ගාමිණී – සේවා කාලය අවුරුදු 30 (1993.02.02)

    A.A. ශ්‍රියානි – සේවා කාලය අවුරුදු 23 (1999.06.19) –

    නිහාල් පිටගම්පල – සේවා කාලය අවුරුදු 15

    ලලිතා රත්නකාන්ති – සේවා කාලය අවුරුදු 09

    දුලානි හතරසිංහ – සේවා කාලය අවුරුදු 09

    අරුන්දතී එදිරිසිංහ – සේවා කාලය අවුරුදු 09

    ගීතා රණතුංග – සේවා කාලය 10

    D.P.M. එරංදිකා – සේවා කාලය අවුරුදු 10

    E. මල්ලිකා සේවා කාලය අවුරුදු 09

    නුවන් බස්නායක සේවා කාලය අවුරුදු 09

    අවුරුදු 08ට වැඩි අනධ්‍යයනය කාර්‍යය මණ්ඩලය

    අනෝජා විජේනායක (විද්‍යාගාර කම්කරු) සේවා කාලය අවුරුදු 14

    රණුක්ගේ මිය(විද්‍යාගාර කම්කරු) සේවා කාලය අවුරුදු 14

    වැඩසටහන මෙහෙය වූ ගුරුවරු කතා කලේ ගුරුවරුන් ලෙස නොව චන්ඩින් ලෙසය. ඒ අතර රාවණා ලංකා අප වෙබ් අඩවිය පලකරන ලද පුවත් කිහිපයක් පුළුල් තිරයකින් පෙන්වා අපට දැඩි දෝෂාරෝපනයක්ද එල්ල කරන ලදී. එසේම දැඩි ප්‍රසිද්ධියක්ද ලබා දුන්නේය. කෙටියෙන් සඳහන් කරන්නේ නම් “අපගේ රෙදි ගලවන ලදී”, නමුත් වැඩසටහන අවසන් වෙද්දී අපගේ ගැලවුණු රෙදි ස්වයංක්‍රීයව ඇන්දිනි. නමුත් ආදි සිසුන් කර තිබෙන පැමිණිලි කිසිවක් ගැන මෙන්ම ඔවුන්ට අවාසි කිසිවක් මෙහිදී ප්‍රකාශ නොකිරීමට ඔවුන් පරිස්සම් වන ලදී. අප ආයතනයට එල්ල කල චෝදනාවලින් පෙන්නුම් කලේ ඔවුන් නියෝජ්‍ය විදුහල්පතිවරු, ගුරුවරු වුවත් ඔවුන්ගේ ලේ වල තිබෙන්නේ බොරුව, වංචාව මෙන්ම දුෂණය බවයි.

    එසේම ඔවුන් ගුරුවරු නොව නූගත් චන්ඩි බවද සඳහන් කළ යුතුමය. ඒ ඔවුන්ගේ දේශපාලනයේ හැටිය. ඔවුන්ට නීතියක් හෝ සදාචාරයක් අවශ්‍ය නැති, අෂිෂ්ඨ ගුරුවරු බවත් සියල්ලම බොරුවෙන් බැරි වුවහොත් මැරබලයෙන් හෝ තමන්ට හිමි නොමැති දේවල් ගැනීමට බලා සිටිනා මන්දබුද්ධික කොටසක් බවද ඔවුන්ම පෙන්වා දෙන ලදී.

    කිසිදු සමාජ ඥානයක් නොමැති මෙම වැඩසටහන මෙහෙයවූ පුද්ගලයින් අපගේ ආයතනය ප්‍රසිද්ධ කර දීමට කටයුතු කළේය. එය අපට හොඳය. නමුත් ඔවුන් පවසන අයුරින් අපට මේ පුවත් වලින් හෝ වෙබ් අඩවිය නරඹන ප්‍රමාණයට මුදල් ලැබෙන්නේ නැත. ඔවුන් වටහා ගත යුත්තේ චෝසනාවට ලක්ව සිටින විදුහල්පතිවරයාට චෝදනාවලට පිළිතුරු ලබා දීමට හැකිවන ලෙස පරිසරය නිර්මාණය කර දීමයි. එය එසේ නොවන තාක් මෙම චෝදනා සියල්ලම පවතිනු ඇත. ඔහුගේ නිරදෝෂිභාවය පිළිබදව හෝ ඔහු වෙනුවෙන් අපට පිළිතුරු ලබාදීමටවත් රාජ්‍ය බලධාරීන් කටයුතු කල යුතුය. ඒ සදහා ඔවුන් විමර්ශන කල යුතුය. නීතියට අනුව කටයුතු කලපසු අවසාන විමර්ශන වාර්ථාවද අප ප්‍රසිද්ධ කල යුතුය. ඔහු නිවැරදි නම් අප එයද වාර්ථා කල යුතුය. එයට අප මනා ප්‍රසිද්ධියක්ද දිය යුතුය. මහජනතාව අපට බලපත්‍ර ලබා දී තිබෙන්නේ සමබර කර වාර්ථා කිරීමට පමණි.

    මේ අතර මෙම ප්‍රශ්නය උඩින් දේශපාලන ගේමක් ගසා ගැනීමටද දගලන දේශපාලනය කරන ප්‍රාථමික ශ්‍රේණියේ කිහිප දෙනෙකුද සිටී. නමුත් අපට පෙනෙන ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ කොලොන්න ආසනයේ නව සංවිධායකවරයා සැබෑ තත්වය හඳුනාගෙන තිබේ.

    එසේම ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ලේකම්වරයාද මෙහි ගැඹුර අවබෝධකරගෙන තිබෙන බවද අපට පෙනෙන්නට තිබේ. අප දිගින් දිගටම මේවා වාර්තා කරනුයේ මේ සියල්ල ලබාගෙන තිබෙන්නේ මහජනතාව අතරට ගොස් ගොස් බැවිනි. පෙරදා පැවති දෙමාපියන්ගේ රැස්වීමට අඩුම දාහක්වත් දෙමාපියන් පැමිණියේ නැත. දරුවන් 2200 ක් වෙනුවෙන් දෙමාපියන් 300 ක්වත් නොපැමිණීමම මෙම විදුහල්පතිවරයාට තිබෙන මහජන අප්‍රසාදය පෙන්නුම් කරයි. එසේම ගැටලුවෙන් පසු ගුරුවරුන්ගෙන් සමාව ගත් විදුහල්පතිවරයා වෙනුවෙන් කතාකල දෙමාපියන් කිහිප දෙනාගෙන්ද පෙන්නුම් කරනුයේ එම දෙමාපියන්ද කාරණාව නොදැන මෙම පාසලට පැමිණි බවයි. මෙම විදුහල්පතිවරයා තබා ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් කව්ද?, ඔවුන්ගේ දේශපාලන පසුබිම් සොයා ගැනීමට සහ ඒවා නිවැරදි ලෙස ආණ්ඩුකාරතුමා වෙත වාර්තා නොකිරීම ඔහුගේ පක්ෂයේ බිම් මට්ටමේ සිටින බුද්ධිමත් සාමාජිකයන්ගේ වගකීමයි. අප එසේ සඳහන් කලේ මෙම සිද්ධිය මේ වන විට දේශපාලන වාසි වෙනුවෙන් හරවා ගැනීමට උත්සාහ කළත් මහපොළොවේ සත්‍ය නම් සැබෑ ප්‍රශ්නය යට ගැසීමේ කූට ක්‍රමය මෙම සිද්ධිය තුළ ක්‍රියාත්මක වන බැවිනි.

    එබැවින් සත්‍ය සිද්ධියට පිළිතුරු ලැබී නීතියට අනුව විය යුත්ත වන තෙක් රාවණා ලංකා වාරතාකරුවන්ගේ පංහිද ක්‍රියාත්මක වන බව ඇඹිලිපිටියේ සිද්ධිය වෙනත් මගකට රැගෙන යාමට කටයුතු කරනා පාසලේ දුෂිත ගුරුවරුන් කිහිප දෙනාටත්, දුෂිත දෙමාපියන් කිහිප දෙනාටත්, කොදු කැඩී තිබෙන ආදි සිසුන් කිහිප දෙනාටත් කාරුණිකව දන්වා සිටිමු. අපට වටින්නේ පීඩිත මිනිසුන් පමණි.

    (සඳහන් කර තිබෙන ගුරුවරුන් පිළිබඳව යම් නිවැරදි කිරීමක් තිබේ නම් එය නිවැරදි කරගැනීමට අවශ්‍ය ඉඩ මෙම වෙබ් අඩවිය තුල ඔවුන් වෙනුවෙන් වෙන් කර තිබේ. ඒ අනුව මෙම ගුරුවරුන්ට එරෙහිව තිබෙන චෝදනා පත්‍රය ද ඉදිරියේදී අප පලකරනු ඇත. එබැවින් මෙම ලිපියේ එල්ලකර තිබෙන චෝදනාවලට පිළිතුරු ලබා දී යම් වරදක් තිබේ නම් එය නිවැරදි කරගත යුතු අතර එය නීතිය වේ. )

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version