අලුත උපන් බිළිඳෙක් පොහොර උරයක ඔතා පඬුවස්නුවර, බණ්ඩාරකොස්වත්ත උගුරැස්සගමවැව් පිටියේ කැලෑබඳ ප්‍රදේශයක දමා ගොස් තිබිය දී සොයාගෙන ඇත.
ගවයන් බැඳීමට එම කැලෑබඳ ප්‍රදේශයට ගිය කාන්තාවක් බිළඳෙකු හඬන ශබ්දයක් ඇසී සොයා බලන විට උරය තුළ සිටි බිළිඳා දැක ඇති බව වාර්තා වේ.
එම ප්‍රදේශවාසීන් අනතුරුව කරන ලද දැනුම්දීමක් මත මෙම බිළිඳා ගිලන් රථයකින් නිකවැරටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර වැඩිදුර පරීක්ෂණ වාරියපොළ පොලිසිය විසින් සිදු කරයි.
රාවණා සටහන.
හයහතරක් නොදත් කිරි සප්පයෙක් කළ මොන වරදක් කළාට මෙවන් ඉරණමක් අත්වූවා වන්නට ඇතිද? ලොව ඉදිරියේ වැදගත් සංස්කෘතියක් ඇති සදාචාර සම්පන්න රටක් වන ශ්‍රී ලංකාවෙන් මෙවැනි යමක් අප කිසිවෙක් අපේක්ෂා නොකරන්නෙමු.වචනයට පමණක් සීමා වූ සංස්කෘතිය සහ සදාචාරයෙක් ඇති ඵලයක් නොමැත.ඔබට දරුවෙක් උස්මහත් කිරීමට හැකියාවක් නොමැති නම් හෝ දරුවෙක් ලැබීමට තරම් හැකියාවක් නොමැති නම් මෙවැනි නොමරා මරන ක්‍රියා සිදු නොකර එම දරුවා පොලිසියකට හෝ ළමුන් රැකබලා ගන්න ස්ථානයක් වෙත පරිත්‍යාග කිරීමට කාරුණික වන්න.
ළමුන්‌ෙග් වටිනාමක් නොදත් මෙවැනි මිනිසුන් මෙලොව සිටිය ද දරුවන් නොමැතිව දරුවන් අපේක්ෂාවෙන් දුක් විඳින මව්පියන් දහස් ගණනක් මෙලොව සිටියි.එවැනි අයෙක්ට මෙවැනි කිරි සප්පයන් මහත් වටිනා සම්පතකි.














































