English
සිංහල
04:18 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බංකොළොත් බවින් මිදුණු අභිමානවත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනපති අවධාරණය කරයි

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp


    169,000ක පමණ ජනතාවකගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාව සපුරාලමින් අරණායක ජල යෝජනා ක්‍රමය ජනපති අතින් ජනතා අයිතියට.
    බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෑගල්ල අරණායක “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක් වෙමිනි.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 135ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 3,847ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 18,650ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිණි.

    එහි ඉදිකිරීම් 2018 වසරේ ආරම්භ කෙරුණු අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරිණි.

    දිනකට ඝන මීටර 21,000ක ධාරිතාවයකින් යුත් ජල පිරිපහදුවක්, සේවා ජලාශ 07ක්, කිලෝ මීටර් 37ක සම්ප්‍රේෂණ නළ පද්ධතියක් සහ කිලෝ මීටර් 120ක බෙදාහැරීමේ නළ පද්ධතියක් මේ යටතේ ඉදිකර තිබේ.

    මෙම ව්‍යාපෘතිය යටතේ පවුල් 52,300ක් ආවරණය වන පරිදි 169,000ක පමණ ජනතාවකට පිරිසිදු සහ සුරක්ෂිත පානීය නළ ජල පහසුකම හිමිවන අතර ඒ යටතේ නව ජල සබඳතා 25,200ක් ලබාදීම සහ පවතින ජල සබඳතා 27,100ක් වැඩිදියුණු කිරීමට ද නියමිතය.

    සමරු ඵලකය නිරාවරණය කර ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කළ ජනාධිපතිවරයා ජල පද්ධතිය ද විවෘත කළේය.

    අනතුරුව ජල යෝජනා ක්‍රමය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය

    2018 වර්ෂයේ දී අග්‍රාමාත්‍යවරයා ලෙස මෙම ජල යෝජනා ක්‍රමයට මුල්ගල තැබීමට පැමිණියා. අද මම ජනාධිපතිවරයා ලෙස එම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට පැමිණීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා. එවකට මෙම ජල යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබීමට මා පැමිණියේ කබීර් හෂීම් මැතිතුමා කළ ඉල්ලීම මතයි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටට පත්වෙනවා.

    කබීර් හෂීම් ඇමතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ ඊළඟට පත්වූ ආණ්ඩුවද ඉදිරියට ගෙන ගොස් අද වන විට ජීවත් තොණ්ඩමන් ඇමතිතුමාගෙ ධුර කාලයේදී අවසන් කර තිබෙනවා. අද ආරම්භ කරන මෙම ජල යෝජනා ක්‍රමය මගින් ලක්ෂ දෙකක පමණ ජනතාවකගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. මෙම ජල යෝජනා ක්‍රමය වෙනුවෙන් දායක වූ සියලු සේවක මහත්ම මහත්මීන්ට මගේ ස්තුතිය පිරිනමනවා.

    පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් කියා ප්‍රකාශ කිරීමෙන් පසුව කිසිදු ආයෝජකයෙක් මෙරටට පැමිණියේ නැහැ. හිටපු ආයෝජකයන් රටින් ගියා. එවැනි පරිසරයක් තුළ විදේශ ආයෝජකයින් ලංකාව ට ආධාර උපකාර ලබාදීමට උනන්දු වෙන්නේ නැහැ.එවැනි තත්ත්වයක් තුළ මම රට භාර අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් රටේ ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වකට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

    මොකද සිංහල වුණත් දෙමළ වුණත් මිනිස්සු හිඟන්නෝ විදියට ජීවත් වෙන්න කැමැති නැහැ. ඔවුන් කැමැති නම්බුකාර ලෙස අභිමානයෙන් ජීවත් වීමටයි.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට අසීරු කොන්දේසි පනවා තිබුණා. නමුත් අපට වෙන විකල්ප තිබුණෙ නැහැ. මීට පෙර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේ දි මෙවැනිම කොන්දේසි ඉදිරිපත් කෙරුණා. එහිදී පසුගිය එක් ආණ්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙණුවලින් ඉවත් වුණා. නමුත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් එම වැඩපිළිවෙල නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරියට ගෙන යමින් සිටිනවා.

    එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙනවා.

    අද එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියට පොදුජන පෙරමුණේ අයත් කැමත්ත පළ කර අවශ්‍ය සහාය ලබා දී තිබෙනවා. මේ රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් එම සහයෝගය ඉතා වැදගත්. බංකොලොත් භාවයෙන් මිදී නම්බුකාර රටක් ගොඩ නැගීමට අපි සියලු දෙනාම එක්වී කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

    ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා

    මෙහි පැමිණි ඔබ සැමට වගේම නෙදර්ලන්ත රජයට සහ තුර්කි රජයටත් මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. එමෙන්ම මෙම කාර්යයට දායක වූ ජලසම්පාදන මණ්ඩලයේ ඇතුළු සියලු කොන්ත්‍රාත්කරුවන්ට මෙහි රැඳී සිටිමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට කටයුතු කිරීම පිළිබඳව කෘතඥ විය යුතුයි.

    එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන්හි අංක 6 වන සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව සැපයීම යන ඉලක්කය සපුරා ගැනීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කැපවීම මම මෙහිදී නැවත අවධාරණය කිරීමට කැමැතියි.

    මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලිකව කටයුතු කළ කබීර් හෂීම් මන්ත්‍රීතුමා අද මෙම අවස්ථාවට සම්බන්ධවීම සතුටට කරුණක්. අද මේ සෑම ව්‍යාපෘතියක්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර දුන්නේ ගරු ජනාධිපතිතුමා බව සිහිපත් කළ යුතුයි. අද ජනාධිතිතුමා මේ රට බංකොළොත් බවින් නිදහස් කරගෙන තිබෙනවා. ඒ වගේම අතහැර දමා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකි මට්ටමකට අද රට පැමිණ තිබෙන්නේ එතුමා ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බව කිව යුතුයි.

    ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා

    මෙම ජල යෝජනා ක්‍රමයට 2018 වර්ෂයේ දී අගමැතිවරයා ලෙස වත්මන් ජනාධිපතිතුමා මුල්ගල තැබුවා. එතුමා අද මෙම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට පැමිණීම පිළිබඳ අප සතුටු වෙනවා.

    කෑගල්ල දිස්ත්‍රික්කය ජලයෙන් ස්වංපෝෂිත වූවත් පානීය ජලය ලබා දී තිබෙන්නේ දිස්ත්‍රික්කයෙන් සියයට 45 කට පමණයි. නමුත් අද මෙම ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමත් සමඟ 60%ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සම්පුර්ණ වන බව මම කියන්න කැමතියි.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පානීය ජල සැපයුම 70%ක් වැනි ඉහළ මට්ටමක තිබෙනවා. අම්පාරේත් එහෙමයි. අරගලකරුවන් රාජ්‍ය දේපළ කඩා බිඳ දැමීමට කටයුතු කළත් අරගල කළයුත්තේ මෙවැනි විශාල ව්‍යාපෘති ලබාගැනීමට බව මම විශ්වාස කරනවා.

    විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා

    මෙම ජල යෝජනා ක්‍රමය මගින් ජනතාව විශාල පිරිසකට සෙත සැලසෙනවා. පසුගිය ආණ්ඩුව ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අපේ ආණ්ඩුව විසින් අඛණ්ඩව ඉදිරියට ගෙන ආවා. මෙවැනි වැදගත් ව්‍යාපෘති ඉදිරියට ගෙන එන විට විවිධ කුමන්ත්‍රණ සිදු කෙරෙනවා. පෙරේදා රාත්‍රියේ යම්කිසි පිරිසක් මේ යෝජනා ක්‍රමයට අදාළ බට තොගයක් ගිනි තබා තිබෙනවා . එහි වටිනාකම රුපියල් මිලියන 50කට වැඩි යි.

    රට අස්ථාවරව තිබෙන අවස්ථාවකදී ජනාධිපතිතුමා රට බාර අරගෙන නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් කරා රට යොමු කිරීමට කටයුතු කළා. ඔබතුමාගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉතා වැදගත්. ඒ වගේම මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ද ඉතා අවශ්‍යයි කියා. ඔබතුමාගේ මෙම නව ආර්ථික සහ දේශපාලන වැඩපිළිවෙළ හරහා මේ රට නව පිම්මක් පනිනු ඇතැයි මම විශ්වාස කරනවා.

    තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා

    ජනාධිපතිතුමා ධුරයට පත්වීමෙන් පසුව කෑගල්ල දිස්ත්‍රික්කයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ඒ මෙම දැවැන්ත ජල යෝජනා ක්‍රමය ජනසතු කිරීමටයි. මෙම දැවැන්ත ජල යෝජනා ක්‍රමය අපි විපක්ෂයේ සිටින කාලයේ ආරම්භ කළ එකක්. නමුත් එය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් අද එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට අවස්ථාව ලැබී තිබෙනවා.

    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වන ස්ථාන කිහිපයක්ම තිබෙනවා. අලි අනාථාගාරය, සත්තු වත්ත, කිතුල්ගල රාෆ්ටින් ක්‍රීඩාව වැන දේ වලින් එම සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කර ගැනීමට හැකියාව තිබෙනවා.

    ජනාධිපතිතුමා නිරන්තරයෙන් කතා කරන හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකය සමඟ මේ රටේ ආර්ථිකය නව මානයකට ගෙන යාමට හැකියාව තිබෙන බව සිහිපත් කළ යුතුයි.

    ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබැක් මහත්මිය

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලාංකීය, නෙදර්ලන්ත හා තුර්කි සහයෝගිතාව අනුවයි. ජනතාව විශාල පිරිසකට අඛණ්ඩව පිරිසිදු පානීය ජල පහසුකම හිමිවන මෙම විස්මිත ව්‍යාපෘතිය ගොඩනැංවීමට ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් සමත් වූයේ ඔවුන් සතු වු අගනා දැනුම හේතුවෙන් බව කිව යුතුයි. මෙය යුරෝ මිලියන 81 ක් වැය වූ ව්‍යාපෘතියක්. නමුත්, සැලසුම් කිරීම සහ එක්ව වැඩ කිරීමට පමණක් සීමා නොවී දැනුම බෙදාහදා ගැනීම සහ ජනතාවට විශාල ප්‍රතිලාභ ලබාදීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වුණා. එම නිසා අද මෙම අවස්ථාවට සහභාගීවීමට ලැබීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.

    ඒ වගේම නිර්මාණ යනු සමාන අවස්ථා සඳහා ප්‍රවේශ වීමට ඉඩ සලසා දීම බව මම සිතනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාර සහ ආයෝජන සඳහා අවශ්‍ය පසුබිම හොදින් නිර්මාණය කිරීමට නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඔස්සේ ජනාධිපතිවරයා කැපවී කටයුතු කරනවා.

    නෙදර්ලන්ත සමාගම් සහ නෙදර්ලන්ත ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලාංකීය සමාගම් සහ ශ්‍රී ලාංකික විශේෂඥයන් සමග එක්ව කටයුතු කරමින් දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳ මම ඉතා සතුටු වෙනවා. එමගින් ශ්‍රී ලාංකේය ජනතාවට ඉහළ ප්‍රතිලාභ සැළසෙන අතර ඒ තුළින් ඔවුන්ට වඩා සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

    රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රජීකා වික්‍රමසිංහ , සුජිත් සංජය පෙරේරා, උදයකාන්ත ගුණතිලක යන මහත්වරු ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් ද, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩෙමෙට් සර්කෂුලි මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version