අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තාවේ.
ඒ බිත්තර නිෂ්පාදකයින්, කුකුළු කර්මාන්තකරුවන්, ජනාධිපති ලේකම්, කෘෂිකර්ම සහ වෙළෙඳ යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සහ බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී මෙම කර්මාන්තය ගැන හා එහි පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.
බිත්තර නිෂ්පාදකයින් පෙන්වාදී ඇත්තේ බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගන්නේනම් දින 15 ක් ඇතුළත වෙළෙඳපොළ තුළ පවතින බිත්තර හිඟය නැති කළ හැකි බවයි.
බිත්තර සදහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ගෙනඒමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.















































