ලංකාවේ ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ වෘත්තිකයන් නිසි ලෙස බදු නොගෙවීම බවත් නිසි ආකාරයෙන් බදු ගෙව්වා නම් ලංකාවේ ආර්ථිකයට මෙවන් ව්‍යවසනයක් අත්නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි.
කෙසේ නමුත් අචාර්ය නන්දලාල් මහතා නොදුටු ප්‍රධානතම හේතුව නම් බදු නොගෙවීම නොවේ. ගෙවන බදුවලට අදාලව රාජ්‍ය මුදල් නිසි ලෙස කළමනාකරණය නොකිරීමයි. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල සිදුවන නාස්තිය, වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා වල එක් කොටසක් ලෙස මෙසේ බදු ගෙවීම් පැහැර හරිම සිදුව තිබේ.
එසේම වංචා දූෂණවලට ප්‍රධානතම හේතුව වන්නේ 2006 අංක 49 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයයි. එසේම විගනාකාධිපතිට බලය අහිමිකරමින් එම පනත ක්‍රියාත්මක කිරීම නිසා බදු අදායමට වඩා දූෂණ වංචා සිදු වේ. රාජ්‍ය බදු අදායමෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනවල මිලදී ගැනීම් සියල්ලම සිදුවන්නේ ඉහතින් සදහන් කල 2006 අංක 49 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයයි. ඒ අනුව ප්‍රථමව කල යුත්තේ මෙම සංග්‍රහය අවලංගු කර ඊට පෙර තිබූ ආකාරයෙන් නැවතත් එම කටයුතු විධිමත්කරමින් නීතිය බලාත්මක කිරීමයි.
මෙරට වෘත්තිකයෙකුට කොතරම් බදු ගෙවීමට තිබුණත් ඔවුන් ගෙවන්නේ කොපමණ දැයි සියල්ලන්ම දන්නා බවත්, ඔවුන් ඔස්ට්‍රේලියාව, අමෙරිකාව වැනි වෙනත් රටකට ගියහොත් උපයන සෑම ඩොලරයකටම බදු ගෙවන බවත් ඔහු සදහන් කරයි. මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 135 වන සංවත්සරය වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
ඒ අනුව අපට නම් පෙනෙන්නට තිබෙන්නේ මහබැංකු අධිපතිවරයා දන්නේ බදු වැඩිකරමින් අදායම වැඩිකර ගැනීමට සහ තව දුරටත් බදු ගෙවීම පැහර හැරීමට ඔවුන්ට උල් පන්දම් දීමයි. කල යුත්තේ බදු ගෙවීම පැහැර නොහරින සාමාන්‍ය පාරිභෝජන ද්‍රවයවල මිල ඉහල දමමින් බදු ඇය කිරීම නොවේ. කල යුත්තේ ප්‍රථමව රාජ්‍ය ආයතනවල සිදුවන වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා නවතා දැමීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමයි. ඉන් අනතුරුව 2006 අංක 49 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සමග පැමිණි දූෂිත ක්‍රමයට වහාම තිත තැබීමයි. එය එසේ නොකිරීමෙන් අපට පෙනෙන්නේ මහබැංකු අධිපතිටද රට ගොඩනැගීමේ දර්ශනයක් නොමැති බවයි. බදු මතින් රටක් ගොඩ නැගිය නොහැකි අතර කොපමන බදු වැඩි කලත් එම බදු මුදල් විනාශ වන්නේ දූෂිත ක්‍රමයන්වලිනි. එම ක්‍රමයට තිත තැබීමට දැක්මක් නැති මහා බැංකු අධිපතිගේ තාවකාලික ප්ලාස්ටරය හරියට “ අතීසාරෙට අමුඩේ ගැහුවා වාගේ” වනු ඇත.