ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කල බව කියවෙන විමල් ජයසේකර මහතා තම මුහුණු පොතේ සටහනක් තබමින් තම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට මෙසේ විරෝධය දක්වා ඇත.
විමල් ජයසේකර මහතා පිළිබඳ තොරතුරු සෙවූ අපට දැනගැනීමට හැකි වූයේ නම් මොහු ගාලු පුරවරයේ ඉතා කැපී පෙනෙන අසරණයාගේ දුක හඳුනාගත් පොලිස් දෙපාර්තමේන්තුවට ම මහත් කීර්තියක් ලෙස කිරුලු පැළඳි අයෙක් ලෙසයි.බොහෝ පීඩිත ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් මොහු ඉදිරිපත්ව ඇති බවත් එනිසාම ගාලු පුරේ ජනතාවට ඔහු කෙරෙහි මහත් වූ ගෞරවයක් සහ ආදරයක් ඇති බවත් අපට අසන්නට දකින්නට ලැබිණ.
කෙසේ නමුත් ඔහු මේ වන විට සිය සේවයට සමු දී ඇති අතර පසුගිය දා ඔහුගේ මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබුණි.
“ලැජ්ජයි ! මේ ගෝතයින්ගෙ ගොං කතා දාන්නෙපා හලෝ…..
රට සිරවී සිටින, ණය මුදල් ගෙවා දමන ක්‍රමවේදය කෙනෙකු දන්නවානම්, එය දන්නා කෙනා විසින් කියා පෑම….. ” මෙලොව වශයෙන් කීර්තියක්, පරලොව වශයෙන් පිංකමක් ” ලු කියා රුපියල් දෙදහස් පන්සීයකින් පවුලකට මාසයක් කන්නට පුළුවන් යැයි කියූ, රාජපක්ෂ පාලනයේ සිටි සුනඛ රුවැති, අති විශාරද ආර්ථික විශේෂඥ කෙරුමා ජනමාධ්‍ය ඉදිරියේ කියමින් සුසර වෙවී සිටියදී, කැමරා සහ මයික්‍රෆෝන අල්ලාගෙන සිටි යාචකයින් පිරිසක් මා දුටුවෙමි.
මෙය වාර්තාකරන්නට ගිහින් සිටි ජනමාධ්‍ය වේදීන්, බඩ වියත රැකගන්නට කැමරාව සහ මයික්‍රෆෝනය අල්ලාගෙන සිටියා මිසික, “නුඹත්, රටේ විනාශයට දායක වූ ආර්ථික ඝාතතකයෙක් නොවේද ” යි අසන්නට පණක් කඳක් කිසිවෙකුට නොතිබීම ගැන පිළිකුල් ය.
වසර ගණනාවක්, උන් මේක රිසිසේ සපා දමමින් රොඩ්ඩක් වන තුරා රුහිර උරා බීවේ, මතු දවසක මේ රටට මේ දේ වන බව දැනන් නොවේදැයි අහන්නට ඕනෑ කාරණයක්ද?
ණය ගෙවාදමන ආකාරය විමසන සුනඛයා, සීනි බදු වංචාව දන්නේ නැද්ද? සුදු ළූණු වලින් ගහපු ගැහිල්ල දන්නේ නැද්ද? මහ දවාලේ කඩා දැමූ මහා බැංකු කොල්ලය දන්නේ නැද්ද? මිග් යානා ගණුදෙනු ඔස්සේ උපයා ගත් දැවැන්ත කොමිස් මුදල් ඉපැයූ කතාව දන්නේ නැද්ද? කිසිම රස්සාවක් නොකරපු පුත්තුන්ට සිංහරාජයේ සහ වෙනත් ප්‍රදේශවල හෝටල් තිබීමවත් දන්නැද්ද? අඩුම තරමේ තෙල් හා ගැස් වලින් කෝටි ගණන් කොමිස් ගත්ත ඒවා, කෝවිඩ් ආධාර වලින් ගසා කාපුවා නොදන්නා, නිරූපමා රාජපක්ෂ හා තිරු නඩේෂන්ගේ පැන්ඩෝරා පේපර්ස් ගැහිල්ලවත් නොදන්නා, බබෙක් වැනි පජාත මේ දේසපාලුවගෙ කතා, මෙච්චර වැටුන රටේ පණ අදිමින් සිටියදී, මාධ්‍ය තුලින් ප්‍රචාරය කරන්නට තරම් හිඟන තත්වයට පත්ව, පරපෝෂිත මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටීම ගැන හරිම හිරිකිතයි හලෝ……”














































