English
සිංහල
00:09 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බන්ධනගාර ලොක්කෙක් “ ජෙලර්ලාගේ ඔලුවට තුවක්කුව තියයි”. “මම කමල් ගුණරත්න එක්ක බිලා ආවේ යකෝ”. ආරක්ෂක ලේකම් විකුණයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    5
    Share on FacebookShare on TwitterWhatsApp

    බන්ධනාගාරය යනු සෑම රටකම අපරාධ යුක්තිය පසිඳලීමේ පද්ධතියේ වැදගත් සහ අනිවාර්යම අංග වලින් එකකි. ඕනෑම පුද්ගලයෙකුට නිසි ලෙස (සාක්ෂි නීතියට අනුව ) චෝදනා කිරීම, ඔවුන් අධිකරනයට ඉදිරිපත් කිරීම, බරපතල වැරදි සදහා සම්බාධක පැනවීම ආදී නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකරන්නේ බන්ධනාගාරය විසිනි.  ඒ අනුව සිරකරුවන්ට උපකාර කිරීම සහ පුනරුත්තාපනය කිරීම මෙන්ම විවිධ අපරාධකරුවන්ට මනුෂත්කමේ ප්‍රතිමූර්තියක් වීමට ඉගැන්විය යුත්තේ බන්ධනාගාරය විසිනි. ලෝකයේ සමහර රටවල්වල සිරකරුවන්ට සිරගෙදර යනු දිව්‍ය ලෝකයකි. සිරකරුවන් යහපත් වීමට නම් බන්ධනාගාර නිලධාරීන්ට සමාජ මනෝවිද්‍යාව මෙන්ම මනෝවිද්‍යාත්මක දැනුම තිබිය යුතුය. එසේ කිරීමට නම් බන්ධනාගාර අධ්‍යක්ෂකගේ සිට පහලට සියලුම දෙනා මිනිසුන් විය යුතුය. නමුත් එවැනි දැනුමක් නැති බන්ධනාගාර නිලධාරීන්ගෙන් සිරකරුවන්ට යහපතක් වෙයිද?. එසේම බන්ධනගාර උසස් නිලධාරීන් තමන්ගේ පහල නිලධාරීන්ගේ හිසට තුවක්කුව තබා තර්ජය කරන්නේ නම් ඒ බන්ධනාගාරයක් නොව “ රාජ්‍ය වඳකාගාරයකි”. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වඳකාගාරයන් හා සමාන බවට මෙන්ම සිරකරුවන් ද මෙන්ම එහි යහපත් නිලධාරින්ටද රාජකාරියක් කිරීමට නොහැකි බවට ඉතාම හොද අත් දැකීමක් මේ ලියුම්කරුට තිබේ.

    ශ්‍රී ලංකාවේ බන්ධනගාර වල සහ ඒවායේ නිලධාරීන්ගේ තත්වයන් පිලිබඳ කොටස් කිහිපයක් තිස්සේ පලකරන ලිපි මාලාවේ ප්‍රථම කොටස අප මෙසේ ඔබට සටහන් කරන්නෙමු.

     “සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන වදන බන්ධනාගාර මූලස්ථානය  ඉදිරිපිට ලොකු අකුරින් සටහන් කර තිබේ. එහෙත් මේ වන විට බන්ධනාගාර පද්ධතිය තුළ උසස් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන අකටයුතුකම් රැසක් හේතුවෙන් සිරකරුවෝ මෙන්ම නිලධාරීන්ද අමනුෂ්‍ය ගනයට වැටී තිබෙන බවට තොරතුරු අප වෙත වාර්තා වී තිබේ .

     2020වසරේ බන්ධනාගාර ඉතිහාසයේ දැවැන්තම හෙළිකිරීමක්  මාධ්‍ය මගින් සිදු කර තිබුනි. ඒ  මීගමු බන්ධනාගාර අධිකාරි සම්පායෝගේ දුෂිත ක්‍රියා  සියල්ලයි. එම අනාවරණයෙන් පසු හිටපු බන්ධනාගාර කොමසාරිස්ට  තනතුර අහිමි වී තුෂාර උපුල්දෙනිය එම  අනතුරට පත්වීය.   එම අනාවරණයෙන් පසු රජයේ අවධානයට යොමුවී බන්ධනාගාරය තුළ වෙනස්කම් රැසක් සිදු කිරීමට අවධානය යොමුවිය. එහෙත් ඒවාට වඩා ඉහලින් උසස් නිලධාරීන්ගේ පරණ “පුරුදු, ගති, පැවතුම්” කරළියට ඒමට පටන් ගෙන ඇත.

    රජයක් ලෙස මෙන්ම රටක් ලෙස ඉදිරියට යාමට නම් පළමුව අවදානය  යොමුකර යුත්තේ සමස්ත රාජ්‍යයේම දුෂිත නිලධාරින් රකින්නේ කවුදැයි සොයා බැලීම සේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේද අල්ලසට ගෙන  දුෂිත නිලධාරීන් සුරකින්නේ කවුදැයි සොයා බැලිය යුතුය.

    විවිධ කාරනා සදහා එසේ අල්ලස් ලබාගනිමින් කටයුතු කරන බොහෝ දෙනෙකුගේ නාමයන් අප සතුව තිබේ. ඔවුන්ගේ නීතිවිරෝදී කටයුතු පිලිබඳව නිසි සාක්ෂි ලැබුණු වහාම අප ඒවාද එලිදරව් කරනු ඇත.

    ඔවුන්ගෙන් එක් අයෙකුවන බන්ධනාගාර මූලස්ථානයේ  උසස් නිලධාරියකු  දූෂිත නිලධාරීන් රැකීමේ  කටයුතුවල නිරත වී සිටීම හේතුවෙන් අවංකව වැඩ කරන උසස් නිලධාරින් සියලුම දෙනා මේ වන විට මේ සියලු කටයුතුවලට ඉඩ දී අසරණව බලා සිටින්නේ ඉතාමත් සංවේගයෙනි.

    අප ඊයේ වාර්තා කලේ විශේෂ කාර්ය බලකාය මත්ද්‍රවය මෙන්ම අනෙකුත් අපරාධකරුවන් සමග තිබෙන සබඳතා මෙන්ම ඔවුන්ගේ අපරාද පිළිබඳවය.  ඒ  අකාරයෙන් කටයුතු කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ බන්ධනාගාරයෙන් පිටත සම්බන්ධතා පවත්වන බන්ධනාගාර නිලධාරීන් සිටින්නේ නම් එයද දැඩි අවධානයට යොමු විය යුතුය. පිරිමි නිලධාරියෙක් නොමැතිව කාන්තා නිලධාරිනියක් එසේ කරන්නේ නම් තවත් ඛේදනීය වේ.  වැලිකඩ කාන්තා අංශයේ උසස් නිලධාරීනියක් එසේ කරන්නීය.

    එක් දිනක් බන්ධනාගාර ගතවී සිටින රැදිවියකට  කළුතර බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලබා දීමට මූලස්ථානය පියවර ගෙන තිබුණි. එම  රැඳවිය එයට විරෝධය දක්වා බන්ධනාගාර ගේට්ටුව ඉදිරිපිට දී කාන්තා අංශයේ උසස් නිලධාරිනියක සිය සැමියා වන “චූවා   සමන්ත” සමඟ තිබෙන අනියම් සම්බන්ධතාව ගැන අනාවරණයක් සිදු කර තිබිණි. නමුත් උසස් නිලධාරිනියන් මෙන්ම නිලධාරීන්ද මෙය තුෂ්නිම්භූතව අසා සිටියා හැරෙන්නට වෙනත් කළ හැකි කිසිදු දෙයක් තිබී නැත. කාන්තාව හිරේ තබා අයගේ සැමියා සමග යහන් ගත වන බව කියවෙන මේ උසස් නිලධාරිනිය ගැන තව දුරටත් කුමක් ලියන්නද?. සාමාන්‍යයෙන් මෙවැනි දේවල් කරන්නේ පිරිමි උදවියයි. නමුත් කාන්ථාවක් මෙසේ කරන්නේ නම් එය සමාජය භීතියෙන් භීතියට පත් කරන්නේය . 

     “චුවා සමන්ත” යනු තදාසන්න ප්‍රදේශයක් කේන්ද්‍ර කොට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අයෙකි. ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වී තිබෙන්නේ කාන්තාවන් සමඟ රාත්‍රි කාලයේ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔහු රුපියල් ලක්ෂ ගණනින් කාන්තාවන්ට මුදල් වියදම් කිරීම සිදුකරයි. මෙම කථාවේ සත්‍ය අසත්‍යතාවය සොයන්නට කිසිදු අයකු ඉදිරිපත්  නොවන්නේ ඇය  රැකීමට උසස් නිලධාරීන් අප කැප වී සිටින නිසාවෙනි. යම් අයෙකුට මේ පිලිබඳව  සෙවීමට අවශ්‍ය නම් බන්ධනාගාරයේ  “පුංචි” නිළධාරියෙක්ගෙන් විමසා දැනගත හකිය. මැයගේ  චෝදනා වසන් කිරීමට තවත් නිලධාරිනියක් සේවයෙන් පහ කිරීමට ද උසස් නිලදාරීන්  පියවර ගෙන තිබුණේය. ඇය   ඒ තරමටම උසස් නිලධාරීන්ට වටිනා චරිතයක් වී ඇත.  මේවා පිලිබඳව කලකිරුණු බන්ධනාගාර නිලධාරීන් බලා සිටින්නේ කවදා හෝ යුක්තිය ඉටු යුක්තිය ඉටුවනු ඇතයි යන විශ්වාසයෙනි.

    මේ අතර  තමා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ පන්තියේ මිතුරෙකු වන බව පවසමින් බීමත්ව පැමිණි බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර බන්ධනාගාර ජේලර්වරුන් දෙදෙනෙකු ගේ හිසට ගිනි අවි තබා මරණීය තර්ජන එල්ලකරමින් පහර දීමට තැත් කිරීමද කාලයේ වැලි තලාවෙන් යටපත් වී තිබේ. එම සිද්ධිය පිලිබදව එම නිලධාරීන් දෙදෙනා සටහන් කර තිබුනත් අද වනතුරුත් කිසිදු විමර්ශනක් කර නැති බවද වාර්තා වේ. රාජ්‍ය බුද්ධි අංශ ඇතුළු සියලුම බුද්ධි අංශ දැඩි නින්දක සිටින බව පෙනේ.  චෝදනාවට ලක්වන තුසිත උඩුවර මීට පෙරද කීප අවස්ථාවක නිලධාරීන්ට පහර දීම් කල බවට වාර්තා වන අතර වාර්තාවන ආකාරයට ඔහුද “රාජ්‍ය ත්‍රස්තවාදියෙකි”. පොඩි නිලධාරියකු විසින් ජීවිත කාලයටම මතක හිටින අයුරින් ගුටි පූජාවක් ද තුසිත උදුවරට ලබා දුන් බවද වාර්තා වේ.

    තුසිත උඩුවරට එරෙහිව තබා තිබෙන සටහන

    එසේම බන්ධනාගාර මූලස්ථානයේ  සිටින තවත් උසස් නිලධාරියකු ඔහුගේ අනුගාමිකයන් තමන්ගේ වටපිටාවේ තබා ගනිමින් තමන්ට අවශ්‍ය කටයුතු වල රිසිසේ සේ යෙදෙන බවට පුවතක්ද වාර්තා වෙයි.  කාන්තා පහසට දැඩි ලෙස ඇලුම් කරන මෙම උසස් නිළධාරියා ක්‍රීඩාවකට සම්බන්ධව සිටි හිටපු අමාත්‍යවරයෙකුගේ  ලේකම්වරිය රවටා රුපියල් 80,000 ක මුදලක්ද වංචා කර තිබුනි.  කුඩු ලාලිත නැමැත්තා බන්ධනාගාරයේ සිටි සමයේ ඔහුගේ දෙවියා ලෙස මෙම නිලධාරියා කටයුතු කර තිබේ. ලංකාවේ මාධ්‍ය කරුවන් වෙත සහ විදෙස් රටවල සිට මෙහෙය වන සමාජ මාධ්‍ය කරුවන් හට  මුදල් ලබාදී සියලු කුණු වසා ගැනීමේ උත්සාහයක මෙම උසස් නිළධාරියා යෙදී සිටී.  දූෂිත සියල්ලම අනාවරණය වීම වැළැක්වීමට මොහු ලංකාවේ මාධ්‍ය  වැටක් බැඳ තිබෙන්නේ මුදල්වලිනි. 

    මඩකළපුව බන්ධනාගාරයේ ද  උසස් නිලධාරියෙකු බීමත්ව පැමිණ සිරකරුවන්ට පහර දීම සම්බන්ධව ද විමර්ශන ආරම්භ කළ ද ඒවාද යටපත් කිරීමට මූලස්ථානයේ චෝදනාවට ලක්වන උසස් නිලධාරියා කටයුතු කරයි. ඒ ඔහුගේ අතිජාත මිත්‍රයා මඩකලපුවේ බන්ධනාගාරයේ උසස් නිලධාරීයකු නිසාය.  එම උසස් නිලධාරියාගේ ප්‍රියතම විනෝදාංශය වී ඇත්තේ නිල නිවසේ රාත්‍රී සාද පවත්වා හිතවතුන්ට, මාධ්‍ය කරුවන්ට සතුට සහ කාන්තා පහස ලබා දීමයි. උසස් පුද්ගලයින් බන්ධනාගාර ගත වු විට සැප පහසුකම් ලබාදීමට  බන්ධනාගාර නිලධාරීන් සැදී පැහැදී සිටින්නේ තමන්ට ද එයින් වරප්‍රසාද ලාභ ප්‍රයෝජන බෙහෙවින් තිබෙන නිසාවෙනි. එයට කදිම උදාහරණය  ජයවර්ධනපුර රෝහලට ගිය හොත් දැකගතහැකිය. බාහිර සමාජයේ සිටින ප්‍රභූන් යැයි කියාගන්නා පිරිස් අධිකරණයකින් වරදකරුවකු වූ විට නිතැතින්ම අසනීප වනු ඇත. ශ්‍රී ලංකාව ගිනි තැබුවො වන ඔවුන්ට කොන්දක් නැති බවද, කොන්ද තිබෙන්නේ තම පටු ක්‍රියාවන් ඉටුකරගැනීමට පමණක් බවද සත්‍යයකි. ඔවුන්ට බන්ධනාගාරය තුළ ලබන්නේ රාජකීය වරප්‍රසාදයි.

    ජේලර්වරුන් දෙදෙනාගේ හිසට තුවක්කුව තබා මරණීය තර්ජනය එල්ලකිරීම පිලිබඳව ආයතනය තුලින් පරීක්ෂණයක් සිදුවන තෙක් බලා සිටීමෙන් පලක් නොවේ. නීතියට අනුව ඔවුන් කල යුත්තේ ලගම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමයි. රටේ පොදු නීතියට සියලුම පුරවැසියන් යටත් අතර බන්ධනාගාර බලාධිකාරිය ක්‍රියාත්මක වන්නේ ආයතන සංග්‍රහය යටතේ පමණි. ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ටද තමන්ට සිදුවන අකටයුතුකම් වලට එරෙහිව පොදු නීතියේ පිහිට ලබා ගැනීමට ඉහලින්ම අයිතිය තිබේ. ආයතනික නීතිය පවතින්නේ ඊට පහලිනි.  එබැවින් ඔවුන් කල යුත්තේ ඒ පිලිබදව වහාම පොලිසියට පැමිණිලි කිරීමයි.

     සිරකරුවන් යහමගට ගැනීමට සිටින “බන්ධනගාර නිලධාරීන්” ප්‍රථමව තවත් බන්ධනගාරයකට යවා පුනරුත්තාපනය කල යුතුය. ප්‍රථමව ඔවුන් මිනිසුන් බවට පරිවර්තනය කල යුතුය. “ බන්ධනාගාර නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාවන්” පිලිබඳව තවත් ලිපි මාලාවක් බලාපොරොත්තු වන්න. ප්‍රථම කොටස නිමි.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version