පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
ඔහු රඳවා සිටි බන්ධනාගාර කුටියේ ජනෙල් කූරක රෙදි පටියක් ගැට ගසා ගෙල වැලලා ගෙන ඇති බව පල්ලෙකැලේ පොලිසිය පවසයි.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 34 හැවිරිදි මට්ටක්කුලිය සමන්පුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධව ඉදිරි විමර්ශන පල්ලේකැලේ පොලිසිය විසින් සිදුකරනු ලබයි.