රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල දිසා රෝහල යනු දිනකට බාහිර රෝගීන් 500ක් පමණ ප්‍රතිකාර ලබන රෝහලකි.
රෝහලේ ඇති ජෙනරේට(ර්) අක්‍රීයව පවතින බැවින් විදුලිය විසන්දි වූ අවස්තාවන් වලදී රෝගීන් හා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.
විදුලිය විසන්දි වූ අවස්තාවන් වල කාර්ය මණ්ඩලය වැඩකටයුතු කරනුයේ ජංගම දුරකථන හා පන්දම් භාවිතයෙන් බවයි ජනතාව පවසන්නේ.
මේ හේතුවේන් විදුලිය විසන්දි වූ අවස්තාවන් වලදී අසාද්‍ය රෝගීන් කහවත්ත රෝහලට ගෙන යාමට සිදුව ඇති බවයි ජනතාව පවසන්නේ.














































