කුඩා දරුවකු ගේ ඇතුළු පුද්ගලයන් 18 දෙනකුගේ මළ සිරුරු සහිත ට්‍රක් රථයක් බල්ගේරියාවේ අතහැරදමා ගොස් තිබියදී එරට පොලීසිය සොයාගෙන ඇති බව වාර්තා වේ.
සිදුවීම සම්බන්ධයෙන් සැකසහිත පුද්ගලයන් සිවු දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ට්‍රක් රථය නීති විරෝදී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කොට ඇති බවට එරට පොලීසිය සැක පහළ කරණ බව වාර්තාවේ.
එරට සෞබ්‍යය අමාත්‍ය වරයා පවසා ඇත්තේ එම ට්‍රක් රථයේ සිට රෝහල්ගත කරණ ලද අනෙක් 34 දෙනාගේ තත්වය බරපතළ බවයි. එම පිරිස අධික සීතලෙන් පීඩා විදිමින් සිට ඇති බව හා දින කිහිපයක් අහාර නොගෙන සිට ඇති බව වාර්තා වේ.















































