බස්නාහිර පළාත තුළ කල්ඉකුත්වන වාහන බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් ලබා දී ඇති අතර ඒ අනුව එළඹෙන 12 වනදා සිට 31 දක්වා කාලයේ කල්ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා ,නොවැම්බර් මස 30 වනදා දක්වා දඩ අයකිරීමකින් තොරව බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරේ.
එවැනි තීරණයක් ගෙන ඇත්තේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීමට ලක්වන නිසා බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී.ජයන්ති විජේතුංග මහත්මිය පවසා ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය විසින් පද්ධති පරිපාලකත්වය දරන, වාහන ආදායම් බලපත්‍ර නිකුත්කරන පරිගණක පද්ධතියේ ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් මෙලෙස විටින් විට බිඳවැටීම් සිදුවන බවයි ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
එම පරිගණක පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා තෙක් මහජනතාවට සිදුවන අපහසුතා වැලැක්වීම සඳහා මෙම සහන කාලය ලබා දෙන බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.















































