බස් සේවකයන් වගකීමෙන් වැඩ කරන්නේ නැති නම් ඉදිරියේදී නව බස් ගාස්තු ක්‍රමයක් හදුන්වා දීමට සිදුවන බව ප්‍රවාහන අමත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
ආසන ගත නීතිය ක්‍රියාත්මක කිරීමට දැනුම් දී ඇති උවද බොහෝ නාගරික නොවන ග්‍රාමීය ප්‍රදේශ වල අසනගත නීතිය කඩකරන බව පෙනෙන බවද ඒ මහතා ප්‍රකාශ කරන ලදී.
බස් සේවකයන් ගැන සානුකම්පිතව සලකල, රටේ පවතින තත්වය ගැන සලකල සාධාරණ මිල වැඩි කිරීමක් ලබා දුන්නත් අදාල කොන්දේසි කඩ කිරීම නිසා ඉදිරියේදී මගීන් වෙනුවෙන් හිටගෙන යාමේ ගාස්තුවක් නියම කිරීමට සිදුවන බවද සදහන් කරන ලදී.













































