පෞද්ගලික බස් රථ සඳහා මාර්ග බලපත්‍ර 140ක් ලබා දීමට පියවර ගන්නේ නම් දීපව්‍යාප්ත බස් වර්ජනයක් සිදුකරන බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
දැනට ධාවනය වන බස්රථවලින් බස්රථ දහසක් පමණ කාලසටහන් නොමැතිව දෛනිකව ධාවනයෙන් ඉවත් වන බවත් එසේ තිබියදී නව මාර්ග බලපත්‍ර ලබා දීමෙන් පෞද්ගලික බස් හිමියන්ට බරපතළ තර්ජනයක් එල්ල වන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
ඒකාබද්ධ කාලසටහනකට අනුව දැනට ඇති බස්රථ ධාවනය කරවීමෙන් මගීන්ට අපහසුතාවකින් තොර ප්‍රවාහන පහසුකමක් සැලසිය හැකි බවත් කී හෙතෙම මාර්ග බලපත්‍ර 140 ක් අලුතින් ලබාදීම පිටුපස රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක්ද පවතින බවත් සදහන් කර තිබේ.
නව බස්රථ 140 කට මාර්ග බලපත්‍ර පිරිනැමීමේ උත්සහය හකුළා ගන්නේ නම් දැනට ක්‍රියාත්මක බස් ගාස්තුව සියයට දහයකින් අඩුකිරීමේ හැකියාවක් පවතින බවත් ඒ සඳහා සියලුම බස් සංගම්ද එකඟ බවත් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ නාරාහේන්පිට දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.














































