English
සිංහල
23:38 සිකුරාදා, සැප්තැම්බර් 19, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බහුජන සංවිධාන රැළියට විරෝධතා එද්දී මානව හිමිකම් කොමිෂම නිරීක්ෂණයට

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඊයේ (01) දින සමගිජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන කිහිපයක් ගිවිසුමකට එළඹ ඇත.ඒ අද (02)  කොළඹ එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති විරෝධතාවයට සහය පළ කිරීම සම්බන්ධවයි.

    ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම, ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (02) විරෝධතා පා ගමන සංවිධානය කර ඇත.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ සිවිල් සංවිධාන කිහිපයක් මෙම විරෝධතාවයට සහය පළ කරමින් එකඟතා ගිවිසුමක් අත්සන් කර ඇත.

    කෙසේ වෙතත් ගාලු මුවදොර අරගලයට සම්බන්ධව සිටි බ්ලැක් කැප් මුමන්ට් සංවිධානය මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කර ඇත්තේ තම සංවිධානය අදාළ විරෝධතා පා ගමන සඳහා සහභාගී නොවන බවයි.

    එසේම ලංකා වාණිජ මණ්ඩලය,ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, තරුණ ලංකා ව්‍යවසායකයින්ගේ මණ්ඩලය , ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය , ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ඇතුළු වාණිජ මණ්ඩල 06 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පැවැත්වීමට නියමිතව ඇති විරෝධතාවය වහාම නතර කරන ලෙසයි.

    මේ තුලින් සිදු වන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව වත්මන් ආර්ථික අර්බුධය විසඳීමට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ වන බවත් භාෂණයේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය  තමන් පිළිගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    අද (02) දින පැවැත්වීමට නියමිත මර්ධනයට එරෙහි පා ගමනට සහභාගී වන බව නිළ වශයෙන් දැනුම් දී ඇති ඒකාබද්ධ ගිවිසුමට අත්සන් තැබූ දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් පිළිබඳව වාර්තා වේ. එය පහතින් දක්වා ඇත.

    දේශපාලන පක්ෂ

    01.සමගි ජන බලවේගය

    02.දෙමළ ජාතික සංවිධානය

    03.පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    04.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

    05.නිදහස ජනතා සභාව

    06.43 සේනාංකය

    07.එක්සත් සමාජවාදී පක්ෂය

    08.දෙමළ ප්‍රගතිශීලි සන්ධානය

    09.නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය

    10.අනුර ප්‍රියදර්ශන ,චන්දිම වීරක්කොඩි ඇතුළු කණ්ඩායම

    11.ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය

    12.අගිල ඉලන්ගයි මුස්ලිම් කොන්ග්‍රස් සමාජවාදී පක්ෂය

    සංවිධාන

    01.ලංකා ගුරු සංගමය

    02.අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය 

    03.ලංකා බැංකු සේවක සංගමය

    04.තරුණ නීතිඥ සංගමය

    05.ශ්‍රී ලංකා තරුණ ජනමආධ්‍යවේදීන්ගේ සංගමය

    06.කම්කරු අරගල මධ්‍යස්ථානය

    07.එක්සත් කම්කරු සම්මේලනය

    08.සමගි කාන්තා බලවේගය

    09.මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

    10.ගෝල්ෆේස් අරගලකරුවෝ

    11.ලංකා වතු සේවා සංගමය

    12.තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය

    13.යුතුකම ලංකා

    14.ෆැක්සිස් සාමුහිකය

    15.ජනතා වෘත්තික මධ්‍යස්ථානය

    16.ෆ්‍රොටෙක්ස් සංවිධානය

    17.ප්‍රගති ගුරු සංගමය

    18.ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය

    19.ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය

    20.සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය

    21.රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය

    22.ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය

    23.ඒකාබද්ධ ගුරුසේවා සංගමය

    24.රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය

    25.ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය

    26.මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය

    මිට අමතරව ගිවිසුමට අත්සන් නොකළ තවත් සංවිධාන සහ වෘත්තීය සමිති 150 කට ආසන්න ප්‍රමාණයක් විරෝධතා පා ගමන සඳහා සහභාගී වන බවට ආරංචි ලැබී ඇති බව වාර්තා වේ.

    මේ අතර අද (02) වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත සාමකාමී පා ගමන සම්බන්ධව ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

    එහි සඳහන්ව ඇත්තේ මෙම පා ගමන සඳහා පොලිසියෙන් අවසර ලබා ගත යුතු බවට පොලිසිය විසින් නීති විරෝධී ලෙස දැනුම් දී ඇති බවයි.

    මේ පිළිබඳව පා ගමනට සම්බන්ධ පාර්ශ්වයන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව අදාළ නිවේදනයේ සදහන්ව ඇත.ඒ අනුව පොලිස් ආඥා පනතේ 77 වෙනි වගන්තිය ප්‍රකාරව පොලිසිය විසින් මෙලෙස සාමකාමී විරෝධතා පා ගමනට අවසර ලබා ගන්නා ලෙස දන්වා ඇති බව එම පැමිණිල්ලේ සඳහන්ව ඇත.

    කෙසේ වෙතත් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දක්වන මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරන්නේ පොලිස් ආඥා පනතේ පවතින ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා අවභාවිතා නොකළ යුතු බවයි.

    මෙම පා ගමන සිදු වන අවස්ථාවේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වුවහොත් ඒ තුළින් රටට අහිතකර බලපෑමක් සිදු වන බවත් මෙම පා ගමන නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමොෂන් සභාවේ නිලධාරි කණ්ඩායමක් යෙදවීමට අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නවිශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version