විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් ඇයගේ ධූර කාලය දින 45කට පමණක් සීමා වූ බවත් ය.
බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීම බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් බලපා ඇති බව වාර්තා වේ.
මෙනිසා බ්‍රිතාන්‍ය මූල්‍ය වෙළෙඳපොළ කම්පනයට ලක්වූ අතර පාලක conservative පක්ෂය තුළ ද ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවීමට හේතු වී ඇති බව ද වාර්තා වේ.
අගමැති ලිස් ට්‍රස් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ පක්ෂ නායකත්වයට පත්වන විට තමා වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවත් පක්ෂය තුළ තමා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවයි.
Downing වීදියේ පිහිටි නිල නිවස ඉදිරිපිට දී ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය මේ පිළිබඳව සඳහන් කර ඇත.
ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නව පක්ෂ නායකයෙකු තෝරා ගන්නා තුරු ඇය සිය ධූරයේ රැදී සිටින බවය.
අගමැතිනී ලිස් ට්‍රස් එම ධූරය අඩුම කාලයක් දැරූ බ්‍රිතාන්‍ය නායිකාව වශයෙන් දේශපාලන ඉතිහාසයට ද එක්ව ඇති බව වාර්තා වේ.















































