කුලී පදනමට ලබා ගත් මෝටර් රථයකට වංචා කිරීම සම්බන්ධයෙන් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් බ්‍රිතාන්‍ය ජාතික සමාගම් අධ්‍යක්ෂකවරියක් අත්අඩංගුවට ගෙන තිබේ .
කුළී පදනම මත මෝටර් රථය ලබාගෙන එම ගිවිසුමේ කොන්දේසි කඩකරමින් වාහනය නැවත හිමිකරුට භාර නොදී තමන් සන්තකයේ තබා ගෙන විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනාව ගොනු වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින Haddon Lynne Elizabeth නැමැති 58 හැවිරිදි සමාගම් අධ්‍යක්ෂකවරියකි.
ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (02) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිය බව පොලීසිය පවසයි.
මීගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
( ලංකා සර )














































